සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ද ෆිනෑන්ස් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර පවත්වාගෙන යාම

    දෙසැම්බර් 17, 2014

    2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව 2014 මැයි 26 දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී. ආයතනයේ ලාභදායී තත්ත්වය ඉහළ නැංවීමට සහ ආයතනය තවදුරටත් ස්ථාවර කිරීම සඳහා එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කර ගෙන යෑම සිදු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


    ඒ අනුව දැනටමත් ව්‍යාපාර කටයුතු පුළුල්ව සහ ස්ථාවරව ආයතනය මඟින් කරගෙන යෑමේ අරමුණින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇති අතර නව ව්‍යාපාර ආකෘතියක් ආයතනය විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ සමඟ ම ආයතනය විසින් ක්‍රියාත්මක කෙරෙන මෙම නව ව්‍යාපාර ආකෘතියට අනුව ආයතනයේ ද්‍රවශීලතා අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමය යටතේ දීර්ඝකාලීන ණය පහසුකමක් ලබාදීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

    ඒ සම්බන්ධයෙන් ද්‍රවශිලතා ආධාර ණය පහසුකමට අදාළ ගිවිසුම 2014 දෙසැම්බර්  15 වන දින ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයේ සභාපති ආචාර්ය එස්.එච්.ඒ.එම්. අබේරත්න මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ ඒ.පී. ලේකම්ගේ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ අත්සන් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, ආයතනය ස්ථාවර, තිරසාර සහ ලාභදායී තත්ත්වයකට පත් කිරීම තුළින් අනාගතයේ උචිත කොටස් නිකුතුවක් හරහා නව හිමිකම් ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

    ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී. ආයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ, සභාපති - ආචාර්ය එස්.එච්.ඒ.එම්. අබේරත්න, උප සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ - සුජීව රාජපක්ෂ, කළමනාකාර අධ්‍යක්ෂ - අරුණ පී. ලේකම්ගේ, විධායක අධ්‍යක්ෂවරුන් ලෙස ටී.බී. ඒකනායක, ආර්.ඩී. අබේවික්‍රම, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස ආචාර්ය රොහාන්ත අතුකෝරාළ හා හිමාලි කුලරත්න යන මහත්ම මහත්මීහු වෙති.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya