සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා දෙවන ජාතික භාෂා ඇගයීම් ක්‍රියාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය

    දෙසැම්බර් 17, 2014

    උතුරු නැගෙනහිර දරුවන්ට තම දක්ෂතා එළිදැක්වීමට බොහෝ කාලයක සිට අවස්ථාව නොලැබුණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මානුෂිය මෙහෙයුම යටතේ ත්‍රස්තවාදය අවසන් කර උතුරේ දරුවන්ට ද ඒ අයිතිය ලබා දී තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර අංශයේ දෙවන භාෂා ඒකකය මඟින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා දෙවන භාෂා ඇගයීම් ක්‍රියාවලියේ ජය සංකේත  ප්‍රදානෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (16) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


    ජාතීන් අනුව පාසල් වෙන් කර දරුවන් ද බෙදා තිබීම හේතුවෙන් මේ රටේ සාමය, සහජීවනය, මිත්‍රත්වයට, සහෝදරත්වයට බාධා තිබුණු බව අප අත්දැකීමෙන් දැක්කා. එම නිසා ජනවර්ග අතර වෛරය ඇති වුණා. වටිනා දේපොළ මෙන් වටිනා මනුෂ්‍ය ජීවිත අහිමි වුණා. මේ දේ කාටවත් තේරුම් ගන්න බැරි වුණා. ජනාධිපතිතුමා මානුෂීය මෙහෙයුම යටතේ ඒ සියලු ම දේ වෙනස් කරමින් සියලු දෙනාට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දුන්නා. ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්ම කිරීම නිසා ද දකුණේ දෙයියන්දර සිංහල දරුවන් අද හොඳින් දෙමළ භාෂාව ඉගෙන ගන්නවා යැයි ඔහු කීය.

    උතුරේ දරුවන් සහ දකුණේ දරුවන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ගොස් ඒ ඒ සංස්කෘතින්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත්වීමේ අයිතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාදී තිබෙන බවත් ජනාධිපතිතුමා අඳුරු අතීතය නිමකර අරුණාලෝකයේ නව බලාපොරොත්තු ඇති කරමින් අපට නොලැබුණු දේ දැයේ දරුවන්ට දායාද කිරීමට කටයුතු කර තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

    ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය තුළ අපේ රටේ සියලු දෙනා කිසිදු භේදයකින්, වෛරයෙන් තොරව ජීවත් වන බව පෙන්වා දුන් අමාත්‍යතුමා උතුරේ දරුවෙක් මේ වසරේ සමස්ත ලංකා රිටි පැනීමේ තරගයේ නව වාර්තාවක් බිහි කළ බව සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, අතිරේක ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya