සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නත්තල් සමයේ දී අපට ම ආවේණික ආහාර වේලක රස බැලීමට යුද හමුදාවෙන් අනගි අවස්ථාවක්

    දෙසැම්බර් 17, 2014
    ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගිමේ වැඩපිළිවෙළ යටතේ හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුද හමුදා සාමාජිකයන් තුළ වූ විවිධ සැඟවුණ කුසලතාවන් එළිදැක්වීමේ වැඩපිළිවෙළ යටතේ යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ පළාත්වල සිටින වෘත්තීය සූපවේදීන් සහභාගී කරවාගෙන අපට ම අනන්‍යවූ ආහාර වේලක රස බැලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හෙළ විරු රස උදානය - 2014 නම් වූ වැඩසටහනක් ආරම්භ කරන ලදී.
     
    දිවයිනේ විවිධ ප්‍රදේශයන්ට ආවේණික වූ සාම්ප්‍රදායික ආහාර වර්ගයන් පිළිබඳ ව වත්මන් සමාජය දැනුවත් කිරීම හා එකි ආහාර වර්ග වත්මන් සමාජයට හඳුන්වාදීමේ අදහස පෙරදැරිකරගෙන සෑම පළාත්වලටම ගොස් කරන ලද පූර්ව ගවේෂණයකින් අනතුරුව ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ආහාරපානවල රස හා ගුණාත්මකභාවය රැකෙන අයුරින් යුද හමුදාවේ විවිධ රෙජිමේන්තුවල සිටින දක්ෂ සූපවේදීන් සහභාගී 
    කරවාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මෙහි පළමුවැන්න නුවරඑළිය නගරයේ ද, දෙවැන්න මාතර නගරයේ ද, තෙවැන්න මීගමුව නගරයේ ද පවත්වන ලද අතර සිවුවැන්න මෙම දෙසැම්බර් මස 24 - 28 දින දක්වා බත්තරමුල්ල අපේගම ප්‍රදේශයේ ද පවත්වනු ලබන බව මධ්‍යම පළාත් භාර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවෙල මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
     
    මෙ තුළින් යුද හමුදා සාමාජිකයන්ගේ සැඟවුණ දස්කම් එළිදැක්වීම මෙන් ම රටේ විවිධ පළාත්වල ප්‍රචලිත ආහාර ද්‍රව්‍ය එක ම ස්ථානයකදී මිලදී ගැනීමේ නවමු අත්දැකීම ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන බව ද පැවසූ මැදවෙල මහතා මෙම දිනවලදී මෙම ප්‍රදේශය පුරා යුද හමුදා කැලිප්සෝ කණ්ඩායම් විසින් සංගිත කටයුතු සිදු කරනු ලබන බව ද ඔවුන් විසින් සෑම අවස්ථාවකදී ම එකම ගීතය වාදනය හා ගායනය මඟින් විසුරුවා හැරීම මෙහි පැමිණෙන අයවලුන්හට අත්විඳීමට ලැබෙන විශේෂ අත්දැකිමක් වනු ඇති බවද වැඩිදුරටත් පවසා සිටියේය.
     
    එසේම පැරණි සිංහල ජන ක්‍රීඩා මෙන් ම ආත්ම විශ්වාසය වර්ධනය කිරීමේ වැඩසටහන් ද මෙය නැරඹීම සඳහා එන අයගේ ආස්වාදය සඳහා සූදානම් කර ඇති බවත් එමඟින් ඒ සම්බන්ධව අධ්‍යාපනික දැනුමක් ලබාගැනීමට හැකිවන බවද මැදවෙල මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya