සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බලකායට 2015 සිට විශ්‍රාම වැටුප් හිමිකම්

    දෙසැම්බර් 17, 2014
    2015 වර්ෂයේ අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිවිල් ආරක්ෂක සේවාවේ 20 වසරක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද සිවිල් ආරක්ෂක සේවා සාමාජිකයන්ට ද 2015 වසරේ සිට විශ්‍රාම වැටුප් අයිතිය ලබා දෙන බවට ප්‍රකාශ කරන ලදී. 
     
    ඒ අනුව මේ සඳහා අවශ්‍ය රාජකාරිමය කටයුතු මේ වන විට සිදු කර ඇති බවත් 2015 වසරේ සිට 20 අවුරුදු සේවා කාලයක් ඇති සිවිල් ආරක්ෂක සේවා විශ්‍රාමිකයන්ට ද එකී විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි බවත් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ය.
     
    ඒ අනුව සාමාජිකයන්ගේ දෙමාපියන්ට ද රණ විරු මව්පිය උපහාර දීමනාව වන රු. 1000 දීමනාව ද 2015 ජනවාරි මාසයේ සිට ලබාදීමට ද කටයුතු කෙරේ. 
     
    වර්ෂ 2006.09.13 දින නිකුත් කළ අංක 1462/20 දරන ගැසට් පත්‍රයේ 1985 අංක 40 දරන මිනිස්බල උපයෝගිතා සහ පරිපූරක පනතේ 52 වගන්තිය යටතේ ශ්‍රී ලංකා පොලිස් සේවාවට ආධාර හා උපකාරවීමේ කාර්යය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරන ලද අතර 2009 මැයි 18 වන දින එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය අතින් පරාජය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයන්ගෙන් ද විශාල සහයෝගයක් ලැබුණි.
     
    යුද්ධය අවසන්වීමෙන් පසු ව සිවිල් ආරක්ෂක භටයන්ගේ භූමිකාව එතෙකින් නිමා නොවුන අතර ඔවුන් තම වගකීම මැනවින් අවබෝධ කරගනිමින් ජාතියේ අවශ්‍යතාව අනුව අනුවර්තනය වෙමින් යුද සමයේ පටන් මේ වන විටත් යුදමය වාතාවරණයක් පැවති ප්‍රදේශවල ජන ජීවිතය යළි නගාසිටුවීමේ කාර්යයට උරදෙමින් සිටිති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya