සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම ජනාධිපතිතුමා සමඟයි Featured

    දෙසැම්බර් 16, 2014
    කළගුණ දන්නා බත් කන ජනතාව වෙසෙන; ගම්වල ජනතාව ජනාධිපතිතුමා සමඟ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (16) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    "චන්ද්‍රිකාට පවතින්නේ වෛරයක්. චම්පික මහතාට තිබෙන්නේ විදුලිබල අමාත්‍ය ධුරය අහිමි වීමේ වෛරය. සරත් ෆොන්සේකා මහතාට තිබෙන්නේ ජනාධිපතිවරණය පැරදුණු එකේ වෛරය. දෙමළ ජාතික සංවිධානයට තිබෙන්නේ රට කඩන්න බැරි වුණු වෛරය. මේ ආකාරයට සේරට ම පවතින්නේ වෛරයක්. 
     
    ගමේ පොදු අපේක්ෂකයෙක් නෑ. ගමේ අය ජනාධිපතිතුමා සමඟ ඉන්නේ. සිංගප්පූරුවේ දී තමයි බරපතළම ඩොලර් ගනුදෙනුව සිදුවෙන්නේ. ඉදිරියේ දී ඒ පිළිබඳ ව සියලු තොරතුරු අනාවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා".
     
    "සාමාන්‍ය ජනතාව කැමැති සාමාන්‍ය ආකාරයට ජීවත්වන පුද්ගලයන්ට. ජනතාවගේ ප්‍රශ්න දන්නේ සාමාන්‍ය පුද්ගලයන් පමණයි. ඒ නිසා ජනතාව දන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි". 
     
    මෙහිදී අලුත්ගමගේ මහතා පොදු විපක්ෂයේ හොර ගිවිසුම් සියල්ල එළියට දාන්න යැයි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කරන බවද පැවසීය.
     
    මෙම පාවාදීම හරහා ඔවුන් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන්නේ යුද්ධය හරහා ලබාගැනීමට බැරි වූ දේ වෙනත් ආකාරයකින් සපුරාගැනීමට බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya