සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි සහගත තත්ත්වයක් - ඉදිරි දිනවල වැඩිපුර වැසි Featured

    දෙසැම්බර් 17, 2014

    වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කොටස්වලට වැඩිපුර වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

     

    අද (17) උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි සෙසු ප්‍රදේශවල ද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථානවලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට මඩකළපුවට විටින් විට වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 57.4ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද  මි.මී. 13.0ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමෙන් ද මි.මී. 25.5ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 20.9ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද‍ මි.මී. 26.3ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.0°C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.1°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.1°C නුවරඑළියෙන් ද මි.මී. 70.5ක උපරිම වර්ෂාපතනය ගාල්ල අතුඇළ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya