සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කළ එක ම රාජ්‍ය නායකයා ජනාධිපතිතුමායි

    දෙසැම්බර් 16, 2014

    පාසල් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කළ එක ම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණක් බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ සම්මාන හා සහතික ප්‍රදානය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අතර ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

    2013 සහ 2014 වර්ෂයන් හි ජාතික මට්ටමේ ජයග්‍රහකයන් 150 දෙනෙකු සඳහා සඳහා මෙම සම්මාන හා සහතික පිරිනැමිණි. වාර්ෂිකව කාණ්ඩ 3ක් යටතේ මෙම තරගය කලාප මට්ටමින් හා පළාත් මට්ටමින් තේරී පත් වන සිසුන් ජාතික සංචිතයට ඇතුළත් කරනු ලැබේ.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාසල් අධ්‍යාපනයේ සැබෑ වෙනසක් කළ එකම රාජ්‍ය නායකයා බවත් ඩෙල්ෆ්ට් දූපතේ, යාපනයේ නෙල්ලිඅඩි, කයිට්ස් දූපත දක්වා දිවයින පුරා ද්විතීයක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කරමින් කිසිදු දිනක නොතිබුණු භාෂාගාර, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාර, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාර, විද්‍යාගාර ලබාදී තිබෙන බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. එදා ශ්‍රී ලංකාවටත් වඩා පහළ ආර්ථික මට්ටමක සිටි කොරියාව අද ලෝක ආර්ථික බලවතුන් අතර 12 වැනි තැනට පැමිණ සිටින්නේ අධ්‍යාපනයේ සිදු කළ දැවැන්ත වෙනස තුළ බව පෙන්වා දුන් අමාත්‍යතුමා අද ලෝක බලවතුන් බවට පත් වී සිටින රටවල් ගණිත විද්‍යාව, වාණිජ, තාක්ෂණය යන විෂයන් රැඩිකල් ලෙස වේගවත් වෙනසකට ලක් කර තිබෙන බවත් සඳහන් කළේය.  

    ජනාධිපතිතුමා මේ රට භාර ගන්නා විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72ක එකම විද්‍යා අංශයක්වත් නොතිබුණු අතර නගරයේ ජනප්‍රිය පාසල් 56කට පමණක් සියලු ම අධ්‍යාපන පහසුකම් සීමා වී තිබුණු බවත් අමාත්‍යතුමා පෙන්වා දුන්නේය. විභාගය සමත් ජීවිතය සමත් දරුවන් පිරිසක් ගොඩනැගීමේ ජාතික වගකීම මහින්ද චින්තනය වැඩපිළිවෙළ තුළින් සිදු වන බවත් මේ වන විට ලබාදී තිබෙන පහසුකම් අනුව ගණිත, විද්‍යා, තාක්ෂණික විද්වතුන් රැසක් ග්‍රාමීය ප්‍රදේශවලින් ඉදිරි අනාගතයේදී බිහි වන බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය ඩබ්.එල්. සුමතිපාල, ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල් සුනේත්‍රා පෙරේරා යන මහත්වරු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya