සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවෙන් විශ්‍රාම සහ අස්ව ගිය රණ විරුවන් වෙත සියලු වරප්‍රසාද - ජනපතිගෙන් විශේෂ උපදෙස්

    දෙසැම්බර් 16, 2014

    ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ආබාධිත තත්ත්වය මත යුද හමුදාවෙන් විශ්‍රාම සහ  අස්ව ගිය රණ විරුවන්  1624 දෙනෙකු අතුරින් එම වරප්‍රසාදයන් හිමි ගන්වා නොමැති පිරිස සඳහා ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් මත ආරක්ෂක ලේකම්ගේ මැදිහත්වීමෙන් 2014 දෙසැම්බර් මස තුළ දී එම වරප්‍රසාද ලබාදීමට යුද හමුදාපතිවරයා කටයුතු යොදා ඇත.


    ඔවුන් වෙත  2014 මාර්තු 01 දින සිට මේ දක්වා හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ද 2014 දෙසැම්බර් මාසය තුළ දී  ලබාදීමට ජනාධිපතිතුමා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දෙනු ලැබ තිබේ. ඔවුන් විශ්‍රාම හෝ  අස්වගිය දින සිට අතීතයට බලපාන පරිදි  හිමිවිය යුතු වරප්‍රසාද හිමිගැන්වීමේ කටයුතු ද ආරක්ෂක ලේකම්වරයා හා  යුද හමුදාපතිගේ  උපදෙස් පරිදි  මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.

    ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා දුබලතාවට පත්ව මේ වන විටත් රණ විරුවන්  5918 දෙනෙක් යුද හමුදාවෙන් සියලු වරප්‍රසාද සහිත ව විශ්‍රාම ගොස් සිටී. ඔවුන් හට ආබාධිත තත්ත්වයට හිමි දුබලතා විශ්‍රාම වැටුප් සහිතව වැටුප් හා දීමනා සමඟින්  වරප්‍රසාද හිමිගැන්වීමට කටයුතු කර ඇත. එමෙන්ම එම වරප්‍රසාද හිමි රණ විරුවන් 10,493 දෙනෙකු  යුද හමුදාවේ දැනටමත් රාජකාරියේ නිරතව සිටින අතර ඔවුන් ද විශ්‍රාම හෝ අස්වයන අවස්ථාවේ දී  එම වරප්‍රසාදයන් සහිත ව යුද හමුදාවෙන්  විශ්‍රාම ගැන්වීමට නියමිතව ඇත.  

    ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන්  තුවාල ලබා ආබාධිත තත්ත්වය මත  යුද හමුදාවෙන් විශ්‍රාම හා  අස්ව ගිය රණ විරුවන් අතුරින්  විවාහක රණ විරුවන්ගේ  භාර්යාවන් හට ද අවිවාහක රණ විරුවන්ගේ දෙමාපියන් හට ද නවතමයෙන් ස්ථාපිත අතිනවීන පහසුකම් සහිත කොළඹ යුද හමුදා රෝහල වෙතින් බාහිර වෛද්‍ය පහසුකම් ලබාදීමට ද ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් මත ආරක්ෂක ලේකම්ගේ මැදිහත්වීමෙන් යුද හමුදාව මඟින් කටයුතු යොදා තිබේ. 

    යුද හමුදා රණ විරුවන් වෙනුවෙන්  රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙතින්  ක්‍රියාත්මක කරනු ලබන "අපි වෙනුවෙන් අපි" නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණ නිවාස ඉදිකරදීම සහ  අර්ධ නිවාසයන් හි ඉතුරු ඉදිකිරීම් කටයුතු  සිදුකිරීමේදී  ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන්  මියගිය, අතුරුදන් සහ  ආබාධිත රණ විරුවන්ගේ පවුල් වෙත ප්‍රමුඛත්වයක් දක්වන ලෙස ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත. 

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya