සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘වත්මන් අවධියේ රට මුහුණ දෙන අභියෝග‘ මාධ්‍ය වැඩමුළුව එළඹෙන අද

    දෙසැම්බර් 16, 2014

    ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය සංසදයේ මෙහෙයවීමෙන් ‘වත්මන් අවධියේ රට මුහුණ දෙන අභියෝග‘ යන තේමාව යටතේ වැඩමුළුවක් වයඹ පළාත් ආණ්ඩුකාර නීතිඥ තිස්ස ආර්. බලල්ල මහතාගේ සහ වයඹ ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙ.ව. 9. 00ට වයඹ පළාත් සභා ලිච්ඡවී ශාලාවේ දී පැවැත්වේ.

    ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වංශනාථ විජේසිංහ මහතා විසින් මෙම වැඩමුළුවේ අරමුණු පැහැදිලි කිරීමට නියමිත අතර ප්‍රධාන දේශනය ‘වත්මන් අවධියේ රට මුහුණදෙන අභියෝග හා ජනමාධ්‍ය‘ මැයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා විසින් සිදු කිරීමට සැලසුම් කර ඇත.

     

    ‘ජනාධිපති මැතිවරණයේ නීතිමය පසුබිම‘ යන මාතෘකාව මුල් කරගනිමින් හිටපු මහාධිකරණ විනිසුරු සී.වී. රාජපක්ෂ මහතා ද එහි දී දේශනය පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya