සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකයෙන් ප්‍රජා සත්කාර රැසක්

    දෙසැම්බර් 16, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකයේ මෙහෙයවිමෙන් සිදු කරන ලද ප්‍රජා සත්කාරයන් රැසක් ඊයේ (15) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අයෝමා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    ඒ අනුව 2015 වර්ෂය වෙනුවෙන් දරුවන් 30940ක් සඳහා රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් අභ්‍යාස පොත් ලබාදේ.
     
    එසේම බලකායේ සාමාජිකයන්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත් ලකුණු 175ට වැඩි දරුවන් 19 දෙනෙකු සඳහා රුපියල් 15,000 බැගින් වටිනා ශිෂ්‍යත්ව ලබාදීම ද මෙහිදී සිදු විය.
     
    අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම යටතේ A සමාර්ථයන් 7ක් සහිත ව සමත් වූ දරුවන් 15 දෙනෙකු සඳහා රුපියල් 40,000 බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙහිදී සිදු කරන ලදී.
     
    උසස් පෙළ සමත් දරුවන් 38 දෙනෙකු සිටින අතර සංකේතාත්මක ව ඉන් A සාමාර්ථයන් 3ක් ලබාගත් දරුවන් 14 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ලබාදීම ද සිදු විය.
     
    සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකය විසින් දිවයින පුරා පෙර පාසැල් 609ක් පවත්වාගෙන යන අතර මින් කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශවල පමණක් පෙර පාසැල් 268ක් පවත්වාගෙන යනු ලබයි. මෙකී පෙර පාසැල් දරුවන්ගේ ඉතා විචිත්‍රවත් නර්ථන අංගයන්ගෙන් සමන්විත විවිධ ප්‍රසංගයක් ද ආරක්ෂක සේවා විද්‍යාලයේ දී අයෝමා රාජපක්ෂ මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් ඉදිරියේ දී පවත්වනු ලැබීය.
     
    එසේම සිවිල් ආරක්ෂක බලකායේ සේවා වනිතා ඒකකයට ආධාර වශයෙන් මොබිටෙල් සමාගම විසින් පරිත්‍යාග කරනු ලැබූ රුපියල් මිලියන 5ක චෙක්පත හා කොමර්ෂල් බැංකුව විසින් පරිත්‍යාග කරනු ලැබූ රුපියල් මිලියන 1ක චෙක්පත ද මෙහිදී එකී ආයතනවල නියෝජිතයන් විසින් බාරදෙනු ලැබීය.
     
    මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය ඉන්දු රත්නායක, මංජුලිකා ජයසූරිය, යුද හා නාවික හමුදා සේවා වනිතා ඒකකවල සභාපතිනියන්, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකාවන් හා ශිෂ්‍යත්වලාභී දරු දැරියන්ගේ දෙමාපියවරු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya