සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ ආණ්ඩු පක්ෂය විපක්ෂයට නො ව විපක්ෂය ආණ්ඩුවට පෙරළිලා Featured

    දෙසැම්බර් 15, 2014
    ඌව පළාත් සභාව පෙරළීමට සූදානම් බවට පසුගිය දිනවල විපක්ෂය විවිධ කටකතා පැතිරවීමට කටයුතු කළ බවත් මේ වන විට ආණ්ඩු පක්ෂය විපක්ෂයට නොව විපක්ෂය ආණ්ඩු පක්ෂය පැත්තට පෙරළීමට පටන්ගෙන ඇති බව ඌව පළාත් සභාවේ මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
     
    ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (15) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    ඌව පළාත් සභාව කල් තැබීමට තීරණය කළේ සාම්ප්‍රදායික ව සිදු කරන ක්‍රියාවලියක් අනුව බවට මෙහිදී කරුණු පැහැදිලි කළ ප්‍රධාන අමාත්‍යවරයා එය සිදු කරනු ලැබූවේ පක්ෂ නායකයන්ගේ තීරණයට අනුව බවත් එම කමිටුවට තමන් අයත් නොවන බවත් පෙන්වා දුන්නේය.
     
    "ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ප්‍රතිපත්තියක් ඇති ව ජනතාව අතරට ගිය පුද්ගලයන්. ඔවුන් එහාට මෙහාට යන්නේ නෑ. ගියත් යන්නේ නිවැරදි පැත්ත වන ජනතාවට සේවය කළ හැකි පැත්තටයි". 
     
    ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ඇතුළු සෙසු මන්ත්‍රීවරුන්ට පවතින රජය සමඟ එකතු වී ජනතාවට වැඩ කිරීමට එකතු වන්න යැයි තමන් විවෘත ව ආරාධනා කරන බවත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya