සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණ සටන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරමයි Featured

    දෙසැම්බර් 15, 2014
    මෙවර ජනාධිපතිවරණය සඳහා සටන පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා හා හිටපු මහ ලේකම්වරයා අතර බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් නිවැරදි පුද්ගලයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හට සහය දැක්වීමට තමන් තීරණය කළ බවත් ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    "එක්සත් ජාතික පක්ෂයේ යාන්ත්‍රණය පැවතියේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා තුළයි. සිරිකොත සම්බන්ධ කරගනිමින් මැතිවරණ ක්‍රියාවලියක් සිදු වෙන්නේ නෑ. ආසන සංවිධායකවරුන් සඳහා මේ වන තුරුත් මැතිවරණ ප්‍රචාරණය ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුමක් ලබා දීලා නෑ. මේ හරහා සිදු වෙන්නේ එක්සත් ජාතික පක්ෂය දියාරු කිරීමයි". 
     
    "ජනාධිපතිවරණය කියන්නේ රටේ නායකයා තීරණය කරන රටේ ගමන් මග තීරණය කරන මැතිවරණයකටයි. ආර්ථික, සමාජීය, දේශපාලන කරුණු තීරණය වන්නේ ඒ මත සිටයි. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරමින් සැබෑ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසු වුණා. එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත්වීමට නොහැකි නම් උප නායක සජිත් ප්‍රේමදාස මහතා හෝ ඉදිරිපත් කිරීමට අපේක්ෂාවෙන් පසු වුණා. ලක්ෂ 45ක ඡන්ද බලයක් හිමි එක්සත් ජාතික පක්ෂයට හැකි විය යුතුයි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට".
     
    එක්සත් ජාතික පක්ෂයේ අවාසනාවට තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු මෙවරත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවත් ජනාධිපතිවරණයක් සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තවත් වසර 08ක් බලා සිටිය යුතු බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    "පසුගිය ජනාධිපතිවරුන්ගේ පාලන සමයන් මතක් කිරීමේ දී විවිධ සංවර්ධන යෝජනා ක්‍රමයන් සිහිපත් වනවා. නමුත් චන්ද්‍රිකා මැතිනියගේ පාලනය කාලයේ එවැනි දෙයක් සිදු වී නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් තම පාලන කාලයේ දී කරගැනීමට නොහැකි වූ දේවල් සිදු කරගැනීමට මෙවර ජනාධිපති මැතිවරණය හරහා ඇය බලාපොරොත්තු වෙනවා. මේ වන විට මේ තත්ත්වයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන් ම උප නායක සජිත් ප්‍රේමදාස මහතා ද හොඳහැටි තේරුම් ගෙන සිටින්නේ".
     
    තම හිතවත් පළාත් සභා මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට ද එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එකතු වී ජනතාව වෙනුවෙන් වැඩකළ හැකි තීන්දුවක් ගන්න යැයි තමන් විවෘත ව ආරාධනා කරන බවත් කුට්ටිආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya