සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ නීතියට පිටුපෑමේ අවශ්‍යතාවක් නෑ Featured

    දෙසැම්බර් 15, 2014
    මැතිවරණ නීතියට පිටුපා වැඩකිරීමට කිසිදු අවශ්‍යතාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොමැති බවත් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පක්ෂග්‍රාහී ව කටයුතු කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වලට පක්ෂයාග්‍රාහී ව කටයුතු කළ නොහැකි බවත් මධ්‍යස්ථව කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත චෝදනා කිරීම වැරදි ක්‍රියාවක් බවත් පෙන්වා දෙයි.
     
    "වර්තමාන මැතිවරණ වේදිකාව ඉතාම පහත් මට්ටමකට වැටිලා. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බොරු චෝදනා කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ එතුමාගේ පවුලට චෝදනා එල්ල කරනවා. මැතිවරණ නිරීක්ෂකයන් සියලු දෙනා පවසන්නේ නිවැරදි දේ නො වේ. ඉන් සමහර පුද්ගලයන් මැතිවරණ නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කිරීමටවත් සුදුසු නො වේ". 
     
    මැතිවරණ රැස්වීම් පැවැත්වීමට මෙන් ම එය මාධ්‍ය හරහා ප්‍රචාරය කරගැනීමට අවස්ථාව සලසා දී ඇත්නම් නිදහස නැතැයි ප්‍රචාරය කිරීම මුසාවක් බවත් කීය. 
     
    රජය කිසි විටෙකත් වැරදි ලෙසින් මැතිවරණ ක්‍රියාවලියේ යෙදෙන්නේ නෑ. සෑම සංවිධායකවරයෙකුට ම උපදෙස් දීලා තිබෙනවා මැතිවරණ නීතිය අනුව සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට. මැතිවරණ නිරීක්ෂකයන්ට තිබෙන්නේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවලටත් වඩා පිටරටින් මුදල් ලබාගැනීමේ අවශ්‍යතාවක්. ඒ සඳහා ඔවුන් අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ඔවුන් මැතිවරණය ස්වාධීන නොවන බව ප්‍රකාශ කළ යුතුයි.
     
    එක්සත් ජනතා නිදහස් සන්ධානයට නීතිවිරෝධි මැතිවරණ ක්‍රියාවලියක් අවශ්‍ය නොවන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya