සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ තරම් වරප්‍රසාද දුන් වෙනත් රජයක් තිබී නැහැ

    දෙසැම්බර් 15, 2014
    වත්මන් ආණ්ඩුව තරම් ජනතාවට වරප්‍රසාද ලබාදුන් රජයක් මීට පෙර පැවති නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    කුමන්ත්‍රණකාරී ලෙස කිහිප දෙනෙකු එකතු වී සිදු කරනු ලබන දේශපාලන ස්ථාවරභාවය නැති කිරීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය පිළිබඳ ව ඉදිරියේ දී කරුණු ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    රටේ ආර්ථික සංවර්ධනයක් හා ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති බවට පොදු අපේක්ෂක සිරිසේන මහතා විසින් සිදු කරනු ලබන ප්‍රකාශයක් බොරුවක් කරමින් බ්‍රිතාන්‍ය මන්ත්‍රණ සභාවේ ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ ව සාකච්ඡා කොට ඇති බවත් අමාත්‍යවරයා කීය. 
     
    "ලංකාව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ආයෝජන මධ්‍යස්ථානයක් බවට මේ වන විට හඳුන්වා දී තිබෙනවා. ලංකාවේ පවතින ගෝලීය ඉහළ යාම, ආයෝජන විශ්වාසය ඇතිවීම, දේශපාලන හා ආර්ථික ප්‍රතිඵල මේ සඳහා ඉවහල් වී තිබෙනවා".
     
    "පොදු අපේක්ෂකවරයා රජයේ කඩා වැටීමක් තිබෙන බව ප්‍රකාශ කරනවා. වත්මන් ආණ්ඩුව සමයේ නො ව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති සමයේ රජයේ කඩාවැටීම ආරම්භ වූයේ".
     
    "2011 වසරේ දී මුලික වැටුප රුපියල් 1200කින් ඉහළ දැමුවා. 2012 අයවැය මගින් එය තවත් 10%කින් ඉහළ දැම්මා. 2013 වසරේ 1500කින් ද 2014 වසරේ දී රුපියල් 1200ක් වැඩිකරමින් එය රුපියල් 7800ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා". 
     
    විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය හරහා ලබාදුන් සහන පිළිබඳ ව මෙන් ම සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් පසුගිය වසර කිහිපයක කාලයක පුරා සිදු කළ කාර්යයන් පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා විසින් දීර්ඝ විස්තරයක් සිදු කළේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya