සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා. සංවිධානය සහ ශී‍්‍ර ලංකාව සුහදව කටයුතු කරනවා

    දෙසැම්බර් 13, 2014

    - එ.ජා. ජනගහන අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත

    එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශී‍්‍ර ලංකාව ඉතා සුහදව කටයුතු කරන බව එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත ඇලන් සිබෙනලර් (Alain Sibenaler) මහතා කියා සිටී.

    ශී‍්‍ර ලංකාව මධ්‍යකාලින රටක් ලෙස හඳුන්වා දුන් ඒ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ශී‍්‍ර ලංකාවට ඉතා ඉහළ ආයෝජනය කිරීමට හැකි පසුබිමක් සැකසී ඇති බව පැවසීය.

     

    ඇලන් සිබෙනලර් මහතා 2012 ජන හා නිවාස සංගණනයේ ප‍්‍රධාන තොරතුරු එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඊයේ (12) මේ බව පැවසීය.

     

    දකුණු ආසියානු රටවල් අතරින් ශී‍්‍ර ලංකාවේ සාක්ෂරතා මට්ටම ඉතා ඉහළ අගයක් එනම් 97% ප‍්‍රතිශයක පවතී.

     

    2012 ජන හා නිවාස සංගණනයේ දත්ත සැලකිල්ලට ගනිමින් සංවර්ධනයට ඒවා දායක කර ගැනීම සහ ඒ ඔස්සේ ශී‍්‍ර ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යාමට හැකියාව ඇති බවට තමා විශ්වාස කරන බව සඳහන් කළේය.

     

    යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාව අත්කරගෙන තිබෙන සංවර්ධනය පිළිබඳ නිශ්චිත විශ්ලේෂණයක් සිදු කිරීමට මෙම සංගණනයේ තොරතුරු ඉවහල් වනු ඇත.

     

    මෙම තොරතුරු හරහා රට තුළ නව නීති සම්පාදනයට මෙන් ම රට සංවර්ධන ඉලක්ක කරා ගෙන යාමට අදාළ දත්ත උපයෝගී කර ගත හැකි බවද ඇලන් සිබෙනලර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

     

    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya