සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලටත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් වැසි Featured

    දෙසැම්බර් 14, 2014

    අද (14) නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන අතර අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ දි බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට යාපනයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 15.1ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 3.9ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද  මි.මී. 6.0ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද‍ මි.මී. 7.1ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.7°C රත්නපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5°C නුවරඑළියෙන් ද මි.මී. 72.6ක උපරිම වර්ෂාපතනය ලබුගම ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya