සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තාක්ෂණය නිසා සිදු වන ඕනෑ ම දෙයක් ලෝකයට සැනින් විකාශය වෙනවා

    දෙසැම්බර් 14, 2014

    නවීන තාක්ෂණයත් සමඟ රටක් තුළ සිදු වන ඕනෑ ම දෙයක් ලෝකයාට ඉතා ඉක්මනින් විකාශය වීමේ ඉඩකඩක් පවතින බවත් එහි හොඳ මෙන් ම නරක පැත්තක් ද ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.


    අවුරුදු ගණනාවක් යුද මානසිකත්වයෙන් ඉඳලා ජාතික සංහිඳියා මානසිකත්වයට එන්න ටික කලක් යන බව පැවසූ ඒ මහතා යුද වාර්තා අඩු වන විට ඇති වන දෙය අපරාධ වාර්තා වැඩිවීම වුවත් ශ්‍රී ලංකාවේ එසේ නොමැති බව පෙන්වා දුන්නේය.


    ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ලංකාවේ වැඩිපුරම ඇත්තේ ඉඩම් ආරවුල් නිසා ඇති වන අපරාධයි. පවුල්, බීමත්කම හා ආර්ථික ප්‍රශ්න ද අපරාධ සඳහා හේතු වී තිබේ. මානසික අපරාධ සිදු වන විට ඒ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම අවශ්‍යයි. අපරාධකරුවන්ට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගත යුතුයි. සාක්ෂි හරියට සිදු වන්නේ නම් දැනට සිදු වන ඇති අපරාධ අඩුකර ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya