සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක් නාගරීකරණය වන විට සහජයෙන්ම ඒ රටේ අපරාධ ඉහළ යනවා

    දෙසැම්බර් 14, 2014

    රටක් නාගරීකරණය වන විට සහජයෙන්ම ඒ රටේ අපරාධ ඉහළ යන බවත් අපේ රටේ එවැනි දෙයක් සිදු වී නැති බවත් ජනාධිපති නීතිඥ, ආචාර්ය වෙදගේ දන්ත රුද්‍රිගු මහතා පැවසීය.


    ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    පොලිසියට නොයෙකුත් චෝදනා එල්ල වුවත් පොලිසියේ දක්ෂතාව හා කාර්යක්ෂමතාව නිසා අපේ රටේ ඒ තත්ත්වය වළක්වා ගන්න හැකි වී තිබීම ගැන අගය කළ යුතුයි. ආගමික වශයෙන් අපේ රට බැඳී පවතී. ඒ නිසා ද අපරාධ කිරීමේදී බියක් පවතී. ලොව සංවර්ධිත රටවල් ආර්ථික වශයෙන් දියුණු වුවත් මානව දයාව හා සංස්කෘතික වශයෙන් දියුණු නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන පදනම සම්පාදනය කරන මානව සංවර්ධන දර්ශකය (Human Development Index) අනුව 2009දී 102 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2014 ජූලි වන විට 73 වන ස්ථානයට පත්ව ඇත. සාර්ක් රටවල් 08 අතර ඉහළ ම සංවර්ධන දර්ශකයක් සහිත එක ම රට ශ්‍රී ලංකාවයි. ඉන්දියාව හා පකිස්තානය මධ්‍යම මට්ටමේත් බංග්ලාදේශ්, භූතාන් වැනි රටවල් පහළ සංවර්ධන දර්ශකයේත් සිටී. මේ දර්ශකය සකස් කරන්නේ ආර්ථික වර්ධනය පමණක් යොදා ගෙන නොවන අතර මේ සඳහා රටක ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී මානව සංවර්ධන අවශ්‍ය සැලකිල්ලට ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya