සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂය සෙනඟ ගෙන්නා ගන්න ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්ගේ නම් යොදා ගන්නවා

    දෙසැම්බර් 12, 2014

    විපක්ෂය විසින් සෙනඟ ගෙන්නා ගන්න ආණ්ඩු පක්ෂයෙ අමාත්‍යවරුන්ගේ නම් යොදා ගන්නා බවත් පසුගිය දිනවල දී විපක්ෂය නුවරට ගිය විට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විපක්ෂයට එනවා යැයි කියන බවත් මේ සියල්ල අමූලික බොරු බවත් එය මහජනතාවගේ කුතුහලය අවුස්සා සෙනඟ ගෙන්නා ගැනීමට කරන කුමන්ත්‍රණ බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මහතා පැවසීය.


    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ දී අද (12) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

     

    මෙපමණ කොළඹ සංවර්ධනය කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව කොළඹ නෝනලා මහත්තයලා පමණක් විවේචනය කරන බවත් ගමේ ජනතාව එසේ ජනාධිපතිතුමාව අමතක කර නැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    ගමට ගොස් ගමේ මිනිස්සුන්ට ජීවන මාර්ග හදලා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් බවත් දිවි නැගුම වැනි වැඩසටහන් තුළින් අද ස්වයං සංවර්ධනය නිවසෙන් ම පටන් ගැනීමට ක්‍රමවත් මඟක් පාදා දීමට රජයට හැකියාව ලැබුණු ඇති බවත් ඔහු කීවේය.

     

    අතීතයේ ආරම්භ කරපු ජන සවිය වැනි ව්‍යාපෘති ක්‍රමවත් සැලසුමක් නොමැති ව නතර වුව ද වත්මන් රජයෙන් ව්‍යාපෘති භාර නිලධාරීන් මඟින් රජයෙන් ලබා දෙන දීමනා, ප්‍රතිලාභ ජනතාව භුක්ති විඳිනවාද යන්න පරීක්ෂා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දිවි නැගුම, සමෘද්ධි වැනි ව්‍යාපෘති පිළිබඳ ව කතා කරමිනි.

     

    බස් විකුණලා, ඉඩම් විකුණලා දියවෙලා ගිහින් තිබුණු ලංගම, මගී ප්‍රවාහන සේවයට වැඩි දායකත්වයක් සපයන ප්‍රවාහන සේවාව බවට පත් කළේ වත්මන් රජය බවත් අලුත් බස් ගෙනැවිත් කාර්යක්ෂම මඟී ප්‍රවාහන සේවාවක් සැපයීමට හැකියාව ලැබුණේ මේ රජයට බවත් ඔහු පැවසීය.

     

    මෙවර ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya