සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි Featured

    දෙසැම්බර් 13, 2014

    අද (13) දිවයිනේ උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයටද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේ දී සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ වැසි ඇතිවීමේ හැකියාව අඩු වෙමින් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට යාපනයට විටින් විට වැසි ඇති වේ.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වන විට මි.මී. 16.1ක වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 13.8ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද  මි.මී. 23.9ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 10.2ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 10.6ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 14.8ක වර්ෂාපතනයක් පොලොන්නරුවෙන් ද මි.මී. 21.7ක වර්ෂාපතනයක් මත්තලින් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.6°C ගාල්ල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.1°C නුවරඑළියෙන් ද මි.මී. 65.9ක උපරිම වර්ෂාපතනය කටුනායක ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya