සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ ආණ්ඩුව ප්‍රගතිශීලී ආණ්ඩුවක්

    දෙසැම්බර් 12, 2014

    පවත්නා ආණ්ඩුව ප්‍රගතිශීලී ආණ්ඩුවක් බවත් කොළඹට, ගම්පහට සීමා වෙලා තිබූ සංවර්ධනය අද ගමට ගෙන ගිහින් තිබෙන බවත් ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ දී අද (12) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

     

    2009ට පෙර තමන් නියෝජ්‍ය සංචාරක ඇමති ව සිටිය දී විදේශ රටවලට ගොස් ආයෝජන අවස්ථා සඳහා විදේශිකයන්ට ඇරයුම් කළ නමුත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කළේ අපේ රටේ යුද්ධයේ බිහිසුණුභාවය ප්‍රකාශ කරමින් බවත් ඒ සියල්ලක් ම යුද්ධයත් සමඟ නිමා වෙමින් අද රටේ විදේශ ආයෝජන සිය ගුණයකින් වර්ධනය වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    විපක්ෂයට රට භාර දුන්නොත් රටේ පවත්නා ස්ථාවරභාවය නැති වෙන බවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කළ පමණින් සැබෑ සංවර්ධනයක් ඇති වන්නේ නැති බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කියා සිටියේය.

     

    වෙන කිසිදු ආණ්ඩුවක් ප්‍රාදේශීය දේශපාලන නායකයින් ශක්තිමත් නොකළ නමුත් මෙම ආණ්ඩුව බිම් මට්ටමේ දේශපාලන නායකයින් මඟින් ගම තුළට සංවර්ධනය රැගෙන ගිය බවත් ඒ මහතා කීවේය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උතුරු නැගෙනහිර ඡන්ද ආණ්ඩුවට නොලැබුණ පමණින් ඒ ප්‍රදේශවලට මුදල් නොදී සිටියේ නැති බවත් ඒ ප්‍රදේශ සංවර්ධනයට ද මුදල් වෙන් කර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර බවත් ඔහු ප්‍රකාශ කළේය.

     

    මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සුළු ජාතීන්ගේ හා මහා ජාතීන්ගේ ඡන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබෙන බවත් මෙහි දී පවසා සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya