සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ කැළඹිලි අඩුම යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ යුගයයි

    දෙසැම්බර් 12, 2014

    රටේ කැළඹිලි අඩුම යුගය, ආර්ථික හා සමාජ ස්ථරය වැඩි ම සංවර්ධනයක් පෙන්වූ යුගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ යුගය බවත් ඊට හේතුව ස්ථාවර රජයක් පවත්වා ගැනීම බවත් ඉදිරියටත් රටට අවශ්‍ය ස්ථාවර රජයක් බවත් ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේය.

    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප. මූලස්ථානයේ දී අද (12) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

     

    යුද්ධය තිබුණු කාලේ ත්‍රස්තවාදය මැඬ පවත්වමින් රට ආර්ථික සංවර්ධනයේ මාවතකට ගෙන ආවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බවත් විදේශ ආයෝජන ක්‍රියාත්මක කරමින් රැකියා වෙළඳ පොළ වර්ධනය කරමින් ආර්ථික උද්ධමනය අඩු කළ අතර ආර්ථික සංවර්ධන දර්ශක ඉහළට ගෙනැවිත් ආදායම් බෙදීම ගම ඇතුළට ගෙන යන්නට පවත්නා රජයට හැකි වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    දේශපාලන ක්ෂේත්‍රය තුළ ඇති මහත්මා භාවය තියා ගන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට නොහැකි වූ බවත් ඔහුගේ ප්‍රතිපත්ති වෙනස් කරමින් පක්ෂය හැර ගියේ පක්ෂයේ නායකයාටවත් පළමුව දැනුම් දීමකින් තොර ව බැවින් එය දිය රෙද්දෙන් බෙල්ල කැපුවා හා සමානයැයි ද අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

     

    හිටපු ජනාධිපතිනිය අද ප්‍රසිද්ධ වේදිකාවල දේශපාලනඥයින් සමඟ වාඩි වී දේශපාලනයේ නියැළෙමින් විධායක ජනාධිපති ධූරයේ ගෞරවය නැති කරන බවත් මීට පෙර සිටි හිටපු ජනාධිපතිවරුන් වන ජේ. ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග මහත්වරු විශ්‍රාම ගියපසු දේශපාලනයේ නියැළෙමින් ජනාධිපති ධූරයට අගෞරව නොකළ බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya