සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් යානා අනතුරේ පරීක්ෂණ සඳහා මහජන සහය අවශ්‍යයි

    දෙසැම්බර් 12, 2014

    අද (12) උදෑසන 6.20ට පමණ හෝකන්දර ප්‍රදේශයට කඩා වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිට රත්මලාන කඳවුර දක්වා දෛනික රාජකාරි කටයුතු සඳහා පියාසර කරමින් සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 02 බලගණයට අයත් ඇන්ටනොව් 32 ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු 05 දෙනෙකු ගමන් කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රධාන විධායක මාණ්ඩලික නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල මහතා අද (12) උදෑසන රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

    ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වීමට මොහොතකට පෙර රත්මලාන ප්‍රදේශය ආශ්‍රිතව ගුවන් මගේ දර්ශනපථය අපැහැදිලි බව ප්‍රධාන නියමුවා මෙහෙයුම් මැඳිරිය වෙත දන්වා ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    මෙහි ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ප්‍රධාන ගුවන් නියමු ස්කොඩ්රන් ලීඩර් ජේ.එම්.ඩබ්.එන්. අබේවර්ධන, සහායක නියමු පියාසර ලුතිතන් ඒ.ඒ.ඩී.ටී. අමරතුංග, බලපන්ති සැරයන් එම්.ඩබ්.එල්. ප්‍රියන්ත හා කෝප්‍රල් ඩබ්.ඩබ්.ඒ.එන්. විජේරත්න යන අයයි.

     

    ප්‍රධාන ගුවන් භට ජී.කේ.එන්. චතුරංග අනතුරින් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

     

    ගුවන් යානා අනතුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන් හමුදාපතිතුමන් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර මෙහි පරීක්ෂණ සඳහා අනතුරට පත් වූ යානයේ සියලු කොටස් අවශ්‍ය වන බැවින් එම කොටස් ලබා ගැනීම සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ අවට සිටින මහජනයාගෙන් ඉල්ලා සිටියි.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya