සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර දැයට කිරුළ පෙබරවාරි 04 වනදා

    දෙසැම්බර් 12, 2014

    දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනය 2015 පෙබරවාරි 04 සිට 10 දින දක්වා මාතර සරසවි පෙදෙසේ හා කඹුරුගමුවේදී පැවැත්වෙන බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය හා දැයට කිරුළ සංවර්ධන ප‍්‍රදර්ශන කමිටු සභාපති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (12) මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවැති ප‍්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ බව පැවසීය.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ දැයට කිරුළට සමගාමී ව මාතර, හම්බන්තොට, ගාල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්ක සංවර්ධන වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කරන බවයි.

    මෙවර දැයට කිරුළ ප‍්‍රදර්ශනයට සමගාමීව සමාජ සේවා රැසක් ද කි‍්‍රයාත්මක කිරීමට නියමිත බව ද විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය හා දැයට කිරුළ සංවර්ධන ප‍්‍රදර්ශන කමිටු සභාපති රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.


    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya