සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාතාල ප්‍රදේශ හෝ පාතාල නායකයන් අද ලංකාවේ නෑ

    දෙසැම්බර් 12, 2014

    මීට වසර ගණනාවකට පෙර ලංකාවේ පාතාලය යනුවෙන් එක් කොටසක් හැඳින්වුවත් අද පාතාලය හා සම්බන්ධ එක නමක්වත් නොමැති බවත් එවැනි පාතාල ප්‍රදේශයක් හෝ නායකයෙක් ලංකාවේ නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.


    මිනී මරන්න, කප්පම්ගන්න, කොල්ලකන්න පාතාලයක් මේ රටේ ක්‍රියාත්මක වන්නේ නැහැ. පොලිසිය හොඳින් ක්‍රියාත්මක වීම මත එම අපරාධ පාලනය කරන්න, වලක්වා ගන්න හැකිවී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

    තරාතිරම අනුව අපරාධකරුවන්ට දඬුවම් දීම මගහැර නැහැ. අපරාධ සඳහා කුමන උපක්‍රම භාවිත කළත් මෑත කාලයේ හෙල්මට් පැළඳ කරන ලද අපරාධ හෙළි කර ගන්න මාස 02, 03 ගියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒවා විසඳීමට හැකි වුණා. මත්කුඩු අත්අඩංගුවට ගැනීම දිගින් දිගට ම කළා. 2013දී හෙරොයින් කිලෝ ග්රෑම් 23,215ක් ද 2014 මේ වන විට කිලෝ ග්රෑම් 23,140ක් ද අත්අඩංගුවට ගන්න හැකි වුණා. මේ රටේ මත්ද්‍රව්‍යවල වැඩිවීමක් ඇති බවට ඇතැමුන් කීවත් මේ සඳහා විශේෂ කාර්යබලකාය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ආදී ආයතන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා ගන්නවා. රුපියල් ලක්ෂ 60ක් වූ මෙරට හෙරොයින් කිලෝ ග්රෑම් 01ක මිල මේ වන විට රුපියල් කෝටියක් වී ඇති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ රටට මත්ද්‍රව්‍ය ගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවන් අවුරුදු 01ක් ඇතුළත අත් අඩංගුවට ගන්න රතු නිවේදන නිකුත් කර ඇති බව ද සඳහන් කළේය. 
     

    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya