අපරාධ, බාල අපරාධ, මිනීමැරුම්, මංකොල්ලකෑම් ආදී වශයෙන් 22ක් වෙයි. යුද්ධයක් එක්ක තිබුණු රටක් විදිහට යුද අවසන් කාලයේ අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති ද යන්න සොයා බැලීම අවශ්‍යයි. 2004දී වාර්තා වූ අපරාධ සංඛ්‍යාවට සාපේක්ෂව 2014 වන විට එහි අඩුවීමක් දැකිය හැක. යුද්ධයක් පැවතීම, ජනගහනය හා විවිධ කර්මාන්තවල වැඩිවීම නාගරීකරණය ආදිය නිසා අපරාධ වැඩි වන බවට ලෝකයේ සඳහන් වෙනු ඇත. නමුත් පොලිසියේ ක්‍රියාකාරිත්වය නිසා අපරාධ සංඛ්‍යාව අඩු කරන්න හැකි වී ඇති බව ඔහු සඳහන් කළේය.
යුද්ධයට පසු මේ රටේ මේ වන විට අපරාධ රැල්ලක් ඇති වී තිබෙනවා ද යන්න පිළිබඳ පැහැදිලි කිරීම සඳහා ඊයේ (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මනුෂ්‍ය ඝාතන අපරාධ අතර ලොකු ම අපරාධයයි. 2004 දී මනුෂ්‍ය ඝාතන 1288ක්, 2006දී 2044ක්, 2008දී 1488ක්, 2010දී 745ක්, 2012දී 646ක්, 2013දී 585ක් හා 2014 ඔක්තෝබර් වන විට 468ක් වශයෙන් 120%කින් අඩුවීමක් දැකිය හැකියි. රටේ ලොකු අපරාධ රැල්ලක් ඇති බවට මාධ්‍ය පරිශීලනයේදී පෙනී ගියත් අද ලංකාවේ එසේ නැති බවත් වෙනත් අපරාධ මාධ්‍ය මඟින් වාර්තා නොවුණත් මනුෂ්‍ය ඝාතන වාර්තා වීම අනිවාර්යෙන් ම සිදු වන බව ද ඔහු සඳහන් කළේය.
ගෙවල් බිඳීම් හා සොරකම්වල අඩුවීමක් ද වාර්තා වේ. මෑත කාලයේ ගෙවල් බිඳීම් වැඩිපුර ම වාර්තා වී ඇත්තේ 2010දීය. එය 18,500කි. 2013 වන විට එම තත්ත්වය 16,000ක් දක්වා අඩු වී ඇත්තේ ඒ තත්ත්වය පාලනය කරන්න පොලිසියට හැකි වී ඇති නිසයි. අපේ රටේ අපරාධ වැඩි බවට ඇතැමුන් කිව්වත් යුරෝපීය, අප්‍රිකා රටවලට සාපේක්ෂව මෙහි ඇත්තේ අඩුවකි. ලොව අන්තර්ජාතික අපරාධ මිනුම වන්නේ ජනගහනය ලක්ෂයකට කී දෙනෙක් අවුරුද්දකට වින්දිතයන් බවට පත්වන්නේදැයි කියායි. 2004දී එය ඇමරිකා එක්සත් ජනපදයේ 387ක්, එක්සත් ජනපදයේ 2704ක්, ඕස්ට්‍රේලියාවේ 956, ඉන්දියාවේ 551ක් හා ශ්‍රී ලංකාවේ 337ක් වේ. 2011දී ඒ තත්ත්වය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ 470ක්, එක්සත් රාජධානියේ 2134ක්, ඕස්ට්‍රේලියාවේ 666ක්, ඉන්දියාවේ 518ක් හා ශ්‍රී ලංකාවේ 370ක් වශයෙනි. මේ අනුව අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවක් ලංකාවේ දැකිය නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
NDH