සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම්වල වටිනාකම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා

    දෙසැම්බර් 12, 2014

    සෑම අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ම මානව හිමිකම්වල වටිනාකම දැනුම් දී ඇති  බවත් ම මානව හිමිකම් කොමාසාරිස්, ඔම්බුස්මන් හා පාර්ලිමේන්තු පෙත්සම් කාරක සභාවේ නිර්දේශ අනිවාර්යෙන් ම ක්‍රියාත්මක කළ යුතු බවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් පසුගිය සතියේ නිකුත් කළ බවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසයි.


    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    යමෙකුට මානව හිමිකම් නිර්දේශ ලබා දී ඇත්නම් මේ චක්‍රලේඛය අනුව අනිවාර්යෙන් ම ක්‍රියාත්මක කළ යුතුයි. සෑම අමාත්‍යාංශයකට ම මෙය පොදු වන අතර නිර්දේශ ක්‍රියාත්මක කළේ නැත්නම් ඊට එරෙහි ව නැවත මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියට යා හැකියි. මානව හිමිකම්වල වටිනාකම ලේකම්වරුන්ට දැනුම් දී ඇත. අදාළ ප්‍රධානීන් ක්‍රියාත්මක වන්නේ නැත්නම් නීති මඟින් කටයුතු කළ හැකි බවත් ලේකම්වරුන් සියල්ල චක්‍රලේඛය හා බැඳීසිටින බව ද ඔහු අවධාරණය කළේය.

    වැඩිදුරටත්අදහස් දැක්වූ ඒ මහතා, පොලිස් වදය මේ වන විට ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇති බවත් ඒ සඳහා හේතු වී ඇත්තේ පොලිසියේ දැනුවත්භාවය බවත්ය. පොලිස් වද හිංසාව ගැන පනතක් ඇත. ඊට අදාළ සම්මුතියට අත්සන් කර ඇති නිසාත් 90%ක් ම ප්‍රශ්න විසඳෙන නිසාත් පොලිස් වදය අඩු වී ඇතැයි ඔහු කීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya