සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් යානයේ සිව් දෙනෙකු මරණයට

    දෙසැම්බර් 12, 2014

    අද (12) උදෑසන හෝකන්දර ප්‍රදේශයට කඩා වැටුණු ඇන්ටනොව් ගුවන් යානයේ ගමන් කළ සිව් දෙනෙකු එම අනතුරින් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    ගුවන් හමුදාවට අයත් HCN 864 ඇන්ටනොව් ගුවන් යානයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර බරපතළ තුවාල ලද එක් අයෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    ගුවන් යානය කටුනායක සිට රත්මලාන ගුවන් තොටුපළ දක්වා ගමන් කරමින් තිබිය දී අනතුරට පත් ව තිබේ.

     

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති යානයේ සිට බේරාගත් තැනැත්තා මේ වනවිට කොළඹ ජාතික රෝහල මාරු කර යවා ඇති බව ද වාර්තා වේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya