සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදාවේ ඇන්ටනොව් ගුවන් යානයක් හෝකන්දර ප්‍රදේශයට කඩා වැටේ Featured

    දෙසැම්බර් 12, 2014

    අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත අසල රබර් වත්තකට අද උදෑසන 6.20ට පමණ ගුවන් හමුදාවට අයත් HCN 864 ඇන්ටනොව් වර්ගයට අයත් ගුවන් යානයක් කඩා වැටී ඇත.

    මේ යානයේ සිව් දෙනෙකු ගමන් කර ඇති බව ද දෙදෙනෙකු මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහලට ඇතුළත් කළ බව ද ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

     

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා; පොලිසියේ 119 අංකයට අද උදෑසන 6.35ට පමණ මේ අනතුර පිළිබඳ ව වාර්තා වූ බවත් අතුරුගිරිය පොලිස් වසමේ හෝකන්දර, හොරහේන ප්‍රදේශයේ රබර් වත්තකට කඩා වැටුණු යානය ගිනිගනිමින් පවතින බව වාර්තා වන බවත් ආරක්ෂක අංශ එම ස්ථානය කරා ළඟා වෙමින් පවතින බවත් පවසයි.

     

    මේ වනවිට ආරක්ෂක අංශ හා ගිනි නිවීමේ රථ හා ගිනි භටයින් එම ස්ථානයට ළඟා වී ගින්න නිවීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. අවට රෝහල්වල ගිලන්රථ එම ස්ථානයට ළඟා වී ඇත. ජනතාවට එම ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙස ද ඉල්ලීමක් කෙරේ.

     

    ප්‍රදේශවාසීන් එක් ව ගින්න මැඬ පැවැත්වීමට උත්සාහ කළ බවත් එහි සිටි අය මුදා ගැනීමටත් කටයුතු කළ බව ද වාර්තා වේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya