අද උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී සෙසු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.
අනුරාධපුරයට මඩකළපුවට ත්‍රිකුණාමලයට විටින් විට වැසි ඇති වේ.
යාපනයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
රත්නපුරයට මහනුවරට නුවරඑළියට මන්නාරමට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උෂ්ණත්වය හා වර්ෂාපතනය
අද උදෑසන 5.30 වන විට මි.මී. 55.9ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 16.0ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි.මී. 65.9ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 7.0ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 6.7ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 26.1ක වර්ෂාපතනයක් රත්නපුරින් ද මි.මී. 5.4ක වර්ෂාපතනයක් මඩකළපුවෙන් ද වාර්තා වී තිබේ. අනෙක් ප්‍රධාන නගරවලින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී නැත.
අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.0°C රත්නපුරින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.
ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.3°C හම්බන්තොට ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.1°C නුවරඑළියෙන් ද මි.මී. 105.8ක උපරිම වර්ෂාපතනය මහියංගනය ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.
HC