සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු විපක්ෂය වැස්සට කුඩේ යටට පැමිණි පුද්ගලයන් වගෙයි

    දෙසැම්බර් 11, 2014
    පොදු විපක්ෂයට එකතු වී ඇති පුද්ගලයන් වැස්සට කුඩේ යටට රැස්වූවන් මෙන් වැස්ස අවසන් වීමත් සමඟ එකිනෙකා විසිර යන බව සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    තමන්ට මෙන් සෙසු පුද්ගලයන්ට ද පක්ෂය තුළ ප්‍රශ්න තිබූ බවත් ප්‍රශ්න නොමැති කිසිවෙකුත් නොමැති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා දේශපාලනයේ දී පෞද්ගලික අරමුණක් වෙනුවෙන් නො ව පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවත් පෙන්වා දුන්නේය.
     
    සන්ධාන නිර්මාණය වන්නේ සියලු අරමුණු හා යන ප්‍රධාන දේශපාලන පක්ෂයක් න්‍යෂ්ටිය කරගනිමින් ඒ වටා සෙසු පක්ෂ ඒකරාශී වීමෙනි. මෙහිදී ගසකට වැලක් එතෙන්නාක් මෙන් ප්‍රධාන පක්ෂය වටා සෙසු පක්ෂ ඒකාරාශී වනවා. නමුත් මෙතැන දී ගසට වැලක් එතෙනවා වෙනුවට වැලට අරටුවක් නොමැති කෙසෙල් ගසක් එතෙන්නාක් මෙන් ක්‍රියාවක් සිදු වනවා. 
     
    විධායක ජනාධිපති ක්‍රමය කියන සුන්දර සටන් පාඨය වටා ඒකරාශී වූ පුද්ගලයන් නැවත පුනරාගමනය වෙමින් පවතින බවත් අමාත්‍යවරයා කීය.
     
    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න පොදු විපක්ෂය ආකර්ෂණය සඳහා පමණක් යොදා ගන්නා බවත් එය වෙනස් කිරීමට ඔවුන්ට බලයක් නොමැති බවත් කුරේ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya