සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එ.ජ.නි.ස. මංගල රැලියට මහා ජන ගඟක් Featured

    දෙසැම්බර් 11, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් තිබෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල රැලියට මහා ජන ගඟක් පැමිණෙමින් සිටින ආකාරය දක්නට තිබේ. එහි සිටින ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් මේ පිළිබඳව අදහස් දැක්වීය.


    කිසිම දවසක අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයට නොපැමිණි තරම් මහා ජන ගඟක් පැමිණෙමින් සිටින බවත් දැනටමත් 75000කට අධික ජනතාවක් පැමිණ සිටින අතර තවත් දසදහස් ගණනක් පෙළපාළි සැදී ක්‍රීඩාංගණයට පැමිණෙමින් සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අනුරාධපුර පළමු ජන රැලිය පැවැත්වෙන අනුධරාපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ සිට පවසයි.

     

    2005 සහ 2010 ජනාධිපතිවරණ මංගල රැලි සඳහාත් තමන් පැමිණි බවත් එදා ජනතාව සහභාගී වූවාටත් වඩා වැඩි උනන්දුවකින් අද ජනතාව පැමිණෙන බව පෙනෙන්නට ඇති බවත් මුළු රට ම වැඩි ඡන්දයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් දිනවන බව සහතික බවත් තවදුරටත් ප්‍රකාශ කරයි.

     

    අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයට සතර දිග්භාගයෙන් මහා ජනකායක් පැමිණෙමින් සිටින බවත් අද මංගල රැලියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අමාත්‍යවරු වන තිස්ස අත්තනායක, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා සහ එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු මැතිඇමතිවරු පිරිසක් සහභාගීවන බවත් අනුරාධපුර පළමු ජන රැලිය පැවැත්වෙන අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ සිටින සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සිය අදහස් මාධ්‍ය වෙත දක්වමින් කියා සිටියි.

     

    SDF

    Anuradhapura Public Rally 3

     

    Anuradhapura Public Rally 4

     

    Anuradhapura Public Rally 5

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya