සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන කඳවුරු අතරින් විශ්වාසය තැබිය හැක්කේ මහින්ද රාජපක්ෂයන් කෙරෙහි පමණයි

    දෙසැම්බර් 11, 2014
    යහපාලනය මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින අඩුලුහුඬුකම් සකස් කිරීමට යම් පදනමේ ඉඳගෙන ඊළඟ පරිවර්තනය සිදු කිරීමට කරන්න ජාතික බලවේගයන්ට දේශපාලන කඳවුරු අතරින් තවමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හැර විශ්වාසය තැබිය හැකි වෙන කිසිවෙක් නොමැති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    "2005 දී යුද්ධයක් කරලා රටට සාමට උදා කරා. 2010 සිට මේ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවා. ගමනේ තිබෙන අඩුපාඩුකම් සකස් කිරීමට මෙන් ම නිවැරදි කිරීමට විය යුතු වෙනස්කම්වලට අවතීර්ණ වැය හැකි යැයි විශ්වාසය අප සතුව තිබෙනවා". 
     
    "2005 දී යුද්ධය නතර කිරීමට අවතීරණය වීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියූ දේ කරනා බව ඔප්පු කර පෙන්නුවා".
     
    "අනාගත පරපුර වෙනුවෙන් විය යුතු සාධනීය වෙනස්කම් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිවර්තනයන් සිදුකිරීමට මේ ආණ්ඩුව සූදානම්. මහජනතාවගේ ඇස් නිලංකාර වෙන මෙහෙයුමක් දියත් කරලා මෝදීගේ ඇඳුම් ඇඳලා මහජනතාව රැවටිය නොහැකියි".
     
    පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු යුද හමුදාපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරමින් මුළු මහත් ආරක්ෂක හමුදාවන් හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කළා පමණක් නො ව මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා යොදාගනිමින් දේශපාලනය ජරා ක්‍රීඩාවක් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ක්‍රියා කරන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya