සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු අපේක්ෂක ඇතුළු පිරිසට ගැටලු සහගත තත්ත්වයක්

    දෙසැම්බර් 11, 2014
    පොදු අපේක්ෂකයා කියා ගන්නා කණ්ඩායමට ලොකු ගැටලුවක් ඇති වී තිබෙන බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එකවෙමිනි.
     
    "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ජනාධිපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අද (11) අනුරාධපුරයේ දී පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අද සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාරගත්තා".
     
    ලංකා දේශපාලනයේ කිසිදු ජනාධිපතිවරයෙකුට කළ නොහැකි වූ වැඩ කොටසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ක්‍රියාත්මක කළ බවත් ඒ අතරින් රටට සාමය ඇති කිරීම හා ආර්ථික සමෘද්ධිය ඇති කිරීම ප්‍රධාන තැනක් ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    "60දශකයේ ආණ්ඩුව ශක්තිමත් වුණේ නැහැ ජනතාවට සේවය කිරීමට තරම්. 70 දශකයේ ඇති වූ ප්‍රබල රජය එක්තරා ලෙසකට රටේ ගමන් මග වෙනස් කිරීමට කටයුතු කළා. 83දී සම්පූර්ණයෙන් අසාර්ථකත්වයක් ඇති වුණා. ඒ අනුව කිසිදු ආණ්ඩුවකට රටේ ස්ථාවර භාවයක් නිර්මාණය කළ නොහැකි වූණා".
     
    ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීමට පළමු වරට හැකියාව ලැබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ට බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya