සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෝදනා පිළිබඳ සොයා බලා අභියෝග කරන්න

    දෙසැම්බර් 11, 2014
    ආණ්ඩුවේ සිට විපක්ෂයට ගොස් කරන ප්‍රකාශයන් සම්බන්ධයෙන් සොයා බලා අභියෝග කරන මෙන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 
     
    ඊයේ පොදු විපක්ෂය හා අත්වැල් බැඳගත් ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු  ඔවුන් ඡන්ද ප්‍රමාණය 150,000 සිට ලක්ෂ 03ක් දක්වා වැඩි වී ඇති නමුත් ඔවුන් පසුගිය ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් කළ අපේක්ෂකයන් දෙදෙනාම පරාජයට පත් වූ බවත් පෙන්වා දුන් ඒ මහතා ඒ සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවත් පෙන්වා දුන්නේය. 
     
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමඟ ඉල්ලීම් 11ක් සම්බන්ධයෙන් එකඟතාවන් ඇති කරගෙන ඇති බවත් කීය.
     
    මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පත්වීම් 6000ක් ලබා දී ඇති තිබෙනවා. ඉන් පත්වීම් 3000ක් ම පොලොන්නරුව ජනතාව වෙනුවෙන් ලබා දී තිබෙන්නේ. පත්වීම් 34ක් පමණයි බදුල්ල නුවරඑළිය වැනි වතුකර ජනතාව වෙනුවෙන් ලබාදී තිබෙන්නේ. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ දී ගුරු පත්වීම් 4000ක් පළමු වරට වතුකර ප්‍රජාව වෙනුවෙන් ලබාදුන්නා. 95%ක් වතුකරයේ පේලි නිවාස සඳහා විදුලිය ලබා දී තිබෙනවා. මේ සියලු චෝදනාවක් මැතිවරණය ඉලක්ක කරගනිමින් කරන ව්‍යාජ ප්‍රකාශයන්. 
     
    වතුකර ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දැක්වීම වෙනුවෙන් පෙනී සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සැබෑ තත්ත්වය පිළිබඳ සොයා බලා අභියෝග කරන්න යැයි ද ඉල්ලා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya