සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමුව මව්බිම දෙවනුව යහපාලනය

    දෙසැම්බර් 11, 2014
    පළමු ව මව්බිම බවත් දෙවනුව යහපාලනය බවත් පෙන්වා දෙන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා යහපාලනය පිළිබඳ ස්වාධීන සටහන් කරනවා වෙනුවට මව්බිම බේරාගෙන යහපාලනය ඇති කරන්න හැකි පිල සමඟ එකතුවී ප්‍රශ්නයක් නොවන බව පෙන්වා දෙයි.
     
    ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. 
     
    තමන් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ස්වාධීන ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනවීම සඳහා කටයුතු කරන බවද මෙහිදී පැවසීය.
     
    විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ පක්ෂ නායකත්වය රැකගෙන ඉන්නේ කොහොමද කියලා කාටවත් රහසක් නොවෙයි. ලෝක ඉතිහාසයේ වසර 20ක් පක්ෂ නායකකම රැකගත් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා. 
     
    සියයට සියයක් ම හොඳ මිනිසුන් මිහිපිට නොමැත. යම් අවශ්‍යතාවක් මත ඉන්න මොහොතට සාපේක්ෂව තමයි පුද්ගලයෙකු හොඳ ද නැද්ද යන්න තීරණය වන්නේ. ඒ අනුව තමයි අපි විවිධ අවස්ථාවන්වලදී සහකරුවන් තෝරාගන්නේ. එය ජීවිතය, ව්‍යාපාරයට මෙන් ම දේශපාලනයට ද පොදුයි. ලෝකයේ තියෙන දියුණු ම ජනාධිපති ක්‍රමය තමයි විධායක ජනාධිපති ක්‍රමය. පවතින ව්‍යවස්ථාවේ සමබරතාවය ගිලිහි තිබෙන්නේ. අනිවාර්යයයෙන් ම මේ ක්‍රමය වෙනස් කරන්න කටයුතු කළ යුතුයි. 
     
    මෙය ජාතික හෙළ උරුමයෙන් වෛරයෙන් ආ ගමනක් නො වේ. ආණ්ඩුව තුළත් අඩුපාඩුකම් තිබෙනවා. නමුත් ආණ්ඩුවට වඩා පොදු විපක්ෂය භයානකයි. ඒ නිසා භයානක එකෙන් අයින් වෙලා ටිකක් හරි හොඳ එකට ආවා. 
     
    දේශපාලන පක්ෂයෙන් අයින් වෙනකොට කියන්නේ සැලකුවේ නැහැ කියලා. නමුත් වගේ පක්ෂය මට සැලකුවා. ප්‍රතිපත්තිමය කාරණයක් නිසයි ඉන් ඉවත්වීමට කටයුතු කළේ. බොහොම අමාරුවෙන් ගොඩනගා ගත් මගේ පක්ෂයට මම ආදරෙයි. නමුත් මම ඊට වඩා මගේ මව්බිමට ආදරෙයි. පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනාවි කියලා බැරිවෙලා වත් දිනාවි කියලා. ජාතික හෙළ උරුමය බිහි කළ දවසේ සිට විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීමට වෙනුවෙන් පෙනී සිටියා. 
     
    විධායක ජනාධිපති ක්‍රමය මෙන් ම 13වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එකට බැඳි තිබෙන්නක්. 13වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ හොත් මේ රට බෙදී යාමේ අනතුරක් පවතින බවට දේශපාලන විශේෂඥයන් ප්‍රකාශ කොට තිබෙනවා. ඒ අවධානම දුටු පිරිසක් ලෙස ප්‍රතිපත්ති රැකගෙන සිරිපාල කඳවුරට සහය දීමේ හැකියාවක් නැහැ. 
     
    මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ බෙදුම්වාදයට තුඩු දෙන පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතු බව. හෙළ උරුමය පමණයි ප්‍රකාශ කරන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ ව.
     
    පසුගිය දා විහාරමහා දේවි උද්‍යානයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂය සමඟ දින 100ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෙන් ම ජාතික හෙළ උරුමය සමඟ දින 100ක් ඇතුළත දී විධායක ජනාධිපති ක්‍රමයේ සංශෝධනයක් සිදු කරන බවට පරස්පර විරෝධී ගිවිසුම් දෙකකට එළැඹි බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ගිය ද බලවේගවලට එකතු වෙන්නේ නෑ කියන ප්‍රතිපත්තිය රැක ගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya