සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදා කඳවුරු සඳහා රජයේ ඉඩම් නොමැති අවස්ථාවල ඉඩම් මිලදී ගන්නවා

    දෙසැම්බර් 11, 2014
    ඉංගිරිය රයිගම වත්තේ හමුදා කඳවුරක් ඉදිකරන බවත් එයට ප්‍රදේශවාසීන් විරෝධය පළ කළ බවටත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වූ බව පැවසු යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සතියේ ආරක්‍ෂක මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරන ලදී.
     
    ඉංගිරිය රයිගම වත්ත අයත් වන්නේ කොටගල වැවිලි සමගමටය. හමුදා කඳවුරක් ස්ථානගත කිරීම සඳහා පවත්නා මිල ගණන් යටතේ අක්කර 20ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා කොටගල වැවිලි සමාගමේ කළමනාකාරිත්වය සමග සාකච්ඡා කර ඇති අතර මුදල් රෙගුලාසි 53 යටතේ රජය මගින් හමුදාවට වෙන්කෙරෙන ප්‍රතිපාදන හරහා මෙම ඉඩම මිලදී ගන්නා බවත් මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා පැවසීය.
     
    හමුදා කඳවුරක් ස්ථාපිත කිරීම සඳහා රජයේ ඉඩම් නොමැති අවස්ථාවල මෙසේ නිසි වටිනාකම් ගෙවීමෙන් ඉඩම් ලබාගන්නා බවත් පැවසු බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා මෙම ඉඩම බලහත්කාරයෙන් ලබා ගැනීමක් නොවන බවත් එය කිසියම් වැරදි වැටහීමක් බවත් පැවසීය. උතුරු නැගෙනහිර සිටින හමුදාවන් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථානගත කිරීමේදී එය රටේ ආරක්‍ෂක අවශ්‍යතාව මත විශේෂ සලකා බැලීමකින් අනතුරුව පමණක් සිදුකරන බවත් එහිදී ජනතාවට අවහිරයක් නොවන පරිදි එම ස්ථානගත කිරීම සිදු කරන බවත් පැවසීය. එහිදී මාධ්‍යවේදියෙක් නැගු පැනයකට පිළිතුරු දුන් මාධ්‍ය අධ්‍යක්‍ෂකවරයා කියා සිටියේ මේ වන විට උතුරු නැගෙනහිර ස්ථානගත කර සිටි ආරක්ෂක හමුදාවන්ගෙන් 40% වැඩි ප්‍රමාණයක් අඩුකර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථානගතකර ඇති බවත් සමස්තයක් වශයෙන් ආරක්‍ෂක අංශවලින් 30%ක් ස්ථානගත වී සිටින්නේ බස්නාහිර පළාතේ බවත්ය.
     
    කාසියක් උඩ දමා කඳවුරක් ස්ථානගත කරන ස්ථානයක් තෝරා ගැනීමට නොහැකි බවත් එය ජාතික ආරක්‍ෂාව පිළිබඳව සංකීර්ණ කරුණු සලකා බැලීමකින් අනතුරු ව පමණක් සිදුකරණ කරුණක් බවත් තවදුරටත් එහිදී පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya