සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදය ගම්මන්පිල එ.ජ.නි.ස. එක් වේ Featured

    දෙසැම්බර් 11, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) බස්නාහිර පළාත් අමාත්‍ය ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වන බව මේ අවස්ථාවේ පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

    මීට සති දෙකකට පෙර ජාතික හෙළ උරුමය විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය පළ කිරීමට තීරණය කළ ද එම තීරණයට එකඟ නොවන බැවින් තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීමට තීරණය කළ බව ගම්මන්පිල මහතා පවසයි.


    විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා තිබීම තමන්ගේ තීරණයට හේතු වූ බවත් තමන්ගේ ප‍්‍රතිපත්ති මත පිහිටා ගත් තීන්දුවක් බවත් උදය ගම්මන්පිල මහතා එහි දී කියා සිටියේය.


    පසුගිය දා විහාර මහා දේවී උද්‍යානයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා 17වැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කරන බව පැවසූ බවත් ජාතිවාදය නීතිගත කරපු ප්‍රායෝගිකව අසාර්ථක වුණු අද මළ කඳක් බවට පත් වුණු එම 17 වෙනි සංශෝධනය කර තබා ගෙන සිටින පුද්ගලයන් සමඟ යහපාලනය ගොඩනගන්න බැරි බවත් ඔහු අවධාරණය කළේය.

     

    එක මවුබිම සහ දෙක යහපාලනය නිසා මවුබිම සම්බන්ධ ඔවුන්ගේ ඉතිහාසය, යහපාලනය සම්බන්ධ ඔවුන්ගේ ඉතිහාසය දෙස බලා මෙම තීරණය ගත් බවත් ඔහු පැවසීය.

     

    ජනාධිපති තුමා ඉවත් කරන්න නම් ඊට වඩා හොඳ පුද්ගලයෙක් ඒකට පත් කරන්න අවශ්‍ය බවත් එහෙත් එවැනි කෙනෙක් නැති බවත් සියයට සියයක් හොඳ මනුෂ්‍යයෙක් මේ ලෝකයේ තමාට හමු වී නැති බවත් අවස්ථාව අනුව හොඳ වැඩි නරක අඩු පුද්ගලයෙක් තෝරා ගත යුතු බවත් තමන් එය සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

     

     

    තොරතුරු ඉදිරියට......

     

    HS/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya