සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමහර නාලිකා ප්‍රවෘත්ති නවත්වා මැතිවරණ නාටක විකාශය කරනවා

    දෙසැම්බර් 11, 2014

    මැතිවරණය විකුණා ගන්න නම් මැතිවරණය නාටකයක් විය යුතු නිසා සමහර මාධ්‍ය නාලිකා ප්‍රවෘත්ති නවත්වා ඒවා විකාශය කරන බවත් ප්‍රවෘත්තිත් අද නාටකයක් වී ඇති බවත් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පැවසීය.


    2010 දී මෙවැනි ම මැතිවරණ නාටකයක් පැවතියා. මාධ්‍ය අද කරන්නේ කිසිදු බරක් නැති සැහැල්ලු පැත්තේ බර වැඩි කිරීමයි. මේ නාටකය අවසානයේ සිදු වන්නේ කිසිදු සැකයකින් තොරව ජනාධිපතිතුමා ඉතා ඉහළ ජයග්‍රහණයක් ලබන බව ද ඔහු කීය.


    ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ජාතික සංවිධානය මඟින් කොළඹ පදනම් ආයතනයේ පවත්වන ලද මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

    දේශපාලන බල වුවමනාවට කලාකරුවන් ද බෙදී ගොස් ඇත. කලාකරුවා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වන්නේ මේ සමාජය යහසාධන සමාජයක් බවට පත්කරන්නයි. පසුගිය කාලයේ අපේ කලා ක්ෂේත්‍රය අන්ත පිරිහීමකට පත් වුණා. හොඳ කලා කෙතක් එදා තිබුණේ නැහැ. ජාතිවාදී අරගල, බෙදුම්වාදය තිබූ බිහිසුණු සමාජයක් එදා පැවතියා. මේ කුරිරු සමාජය සාමකාමී සමාජයක් බවට පත් වුණේ ජනාධිපතිතුමාගේ කාර්යය නිසයි. ඒ අනුව 2005 සිට 2009 දක්වා කාලය තුළ පාරදෘශ්‍ය දේශපාලන ක්‍රියාවලිය හරහා 2009දී මේ රටට සාමය උදා වුණ බව ඔහු පෙන්වා දුන්නේය.

    2009 සිට 2014 දක්වා යටිතල පහසුකම් රැසක් ක්‍රියාත්මක වෙනවා. මේ දේශපාලන ක්‍රියාවලිය අපට විශ්වාසයි. ජාත්‍යන්තරය මේ රට යළිත් බෙදුම්වාදයකට ගෙන යන්න කොතරම් ක්‍රියාකරනවා ද කියා පේනවා. මේ රටේ අනාගතයට හොඳ කාලයක් උදා වී ඇත්තේ. 2005 සිට ක්‍රියාත්මක පැහැදිලි දේශපාලන ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාවට නැංවිය යුතුයි. මේ ගමන ඉදිරියටත් යා යුතුයි. මේ බලලෝභී දේශපාලනයේ ගොදුරු බවට කලාකරුවන්ට පත් වෙන්න සිදු වෙලා. මේ දේශපාලනයේ බල අරගලයේ ගොදුරු බවට පත් වෙන්න එපා යැයි සියලු කලාකරුවන්ගෙන් ඉල්ලන බව ද ඇන්තනී මහතා සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya