සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කඳුකර දිනය අද

    දෙසැම්බර් 11, 2014

    ලෝක කඳුකර දිනය (International Mountain Day) දෙසැම්බර් 11 වැනිදා වාර්ෂික ව සමරනු ලබයි. ජීවිතයට කඳුකරය කෙතරම් වැදගත් වන්නේදැයි පෙන්වා දීමට හා කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමටත් සංවර්ධනය තුළින් විවිධ ප්‍රතිලාභ අත්පත් කරගැනීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක කඳුකර දිනය නම් කර ඇත.

    පෘථිවියේ පවතින භූගත ජලය හා ගංගාවල ජල උල්පත් සඳහා මනා රැකවරණයක්‌ ලබාදෙමින් මිනිස් ජීවිතයේ පැවැත්ම උදෙසා කඳුකරය මනා පිටුවහලකි.

     

    මෙම වසරේ ලෝක කඳුකර දිනයේ තේමාව 'කඳුකර වගාව' ('Mountain Farming')යි. පවුලේ වගාව ප්‍රමුඛ කඳුකරයේ කෘෂිකර්මය පිළිබඳ දැනුවත් කිරීමට මෙවර තේමාව අවස්ථාවක් වන අතර ඒ තුළින් සියවස් ගණනාවකට තිරසාර සංවර්ධනයක් සඳහා යොමු වීමට ලෝක වාසීන්ට හැකියාව ලැබේ.

     

    ජාත්‍යන්තර කඳුකර දිනය සැමරීම සඳහා‌ ලෝකයේ විවිධ සංවිධාන කඳු මූලික කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවනු දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ද කඳුකරය සඳහා ම නිර්මාණය වූ “ප්‍රභව සංවිධානය“ ලෝක කඳුකර දිනයට සමගාමී ව 2010 වසරේ සිට ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ කන්ද තරණය කිරීම නොකඩවා ම සිදු කරනු ලබයි.

     

    මෙවර ද ප්‍රභව සංවිධානය හා ස්වේච්ඡා කණ්ඩායම් හා එක් ව දෙසැම්බර් 07 වන දින හපුතලේ කන්ද තරණය කර එම කඳු මුදුනේ දී ලෝක කඳුකර දිනය සමරනු ලැබීය.

     

    SDF

     

    haputhale 2haputhale 1haputhale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya