සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේදී අපේ දරුවන් වෙනුවෙන් තීරණයක් ගත යුතුයි

    දෙසැම්බර් 11, 2014

    මෛත්‍රීගේ පැත්තේ පැහැදිලි දර්ශනයක්, චිත්‍රයක්, පැහැදිලි වැඩපිළිවෙළක් දැකිය නොහැකි බවත් මේ රජය දැන් කර ගෙන යන වැඩපිළිවෙළ සඳහා මෙවර ජනාධිපතිවරණයේදී අපේ දරුවන් වෙනුවෙන් තීරණයක් ගත යුතු බවත් ප්‍රවීණ කලා ශිල්පී රෝහණ බැද්දගේ මහතා පැවසීය.

     
    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ජාතික සංවිධානය මඟින් කොළඹ පදනම් ආයතනයේ පවත්වන ලද මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

    ඉතිහාසයේ සෑම ක්ෂේත්‍රයක ම වෙනසක් මේ ජනාධිපතිතුමා නිසා සිදු වුණා. අපේ රටේ අනාගතය ගෙන යන පුද්ගලයා ලෙස ජනාධිපතිතුමා හැඳින්විය හැකියි. එදා පාරේ යන කොට චෙක් පොයින්ට් කීයක් තිබුණද? අද ඒවා නැහැ. නිදහසේ පාරේ යන්න පුළුවන් බව ඔහු පෙන්වා දුන්නේය.

    එදා නාට්‍ය පෙන්වන්න, සංගීත සංදර්ශන තියන්න බැරි වුණා. එහෙම යුගයක් පසු කර ගෙන අපි මේ තත්ත්වයට ආවේ. රටක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒ හොඳට ම ඇති. එදා ජීවත් වුණේ බයෙන්. අපට මේ නිදහස ලබා දුන්නේ ජනාධිපතිතුමා. කලාකරුවන් ලෙස වෛරයක් අවශ්‍ය නැති බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya