සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රථම ජාතික හරිත විශ්වවිද්‍යාලය ලෙස කැලණිය විශ්වවිද්‍යාලය නම් කෙරේ

    දෙසැම්බර් 11, 2014
    තිරසාර සංවර්ධනයක් උදෙසා දැනුම නිර්මාණය කිරීමේ හා බෙදාහැරීමේ විශිෂ්ටත ම කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ කැලණිය විශ්වවිද්‍යාලයීය ඉදිරි දැක්මේ පියවරක් ලෙස ‘ප‍්‍රථම ජාතික හරිත විශ්වවිද්‍යාලය’ බවට කැලණිය විශ්වවිද්‍යාලය ප‍්‍රකාශයට පත් කෙරේ. 
     
    එහි සමාරම්භක උත්සවය ඊයේ (10) කැලණිය විශ්වවිද්‍යාලයීය උප කුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ ‘පරිසර ප‍්‍රතිපත්තිය’ ප‍්‍රකාශයට පත් කිරීම මෙහි දී සිදු විය.
     
    හරිත පුහුණු කමිටුවක් (Green Practices Committee – GPC) ඇති කිරීම හා විශ්වවිද්‍යාල ප‍්‍රජාව හරිත විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් සක‍්‍රීය ලෙස දායක කරගැනීම මෙහි අරමුණයි.
     
    ඒ අනුව පරිසර සංරක්ෂණය, පරිසරයට වන හානිය අවම කිරීම, සෞඛ්‍ය සම්පන්න සමාජයක් සහතික කිරීම හා ගෝලීය පරිසර විසඳුම්වලට දායකත්වය සැපයීම මඟින් රටේ තිරසර සංවර්ධනයට දායක වන විශිෂ්ටත ම කේන්ද්‍රස්ථානයක් බවට කැලණිය විශ්වවිද්‍යාලය පත් කිරීම මෙහි අපේක්ෂාවයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya