සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හමුදාව බලෙන් ඉඩම් අල්ලාගෙන නැහැ

    දෙසැම්බර් 11, 2014
    වවුනියාව, සෙට්ටිකුලමේ ආඬියා, පුලියන්කුලම් ප්‍රදේශයේ අක්කර 12ක භූමි භාගයක් රජයේ හමුදාවන් මගින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි කෘෂිකාර්මික ගොවිපළක් පවත්වාගෙන යන බවට පසුගියදා ඇතැමුන් ප්‍රචාරයක් ගෙන ගිය බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් 2011 වසරේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නියමාකාරයෙන් රජයේ බදු පදනම මත පවරාගෙන එම ගොවිපළ පවත්වාගෙන යන බවත් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය මහතා පැවසිය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සතියේ ආරක්ෂක මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. 
     
    මෙහිදී වැඩිදුරත් අදහස් දක්වමින් මාධ්‍ය අධ්‍යක්‍ෂකවරයා ප්‍රකාශ කර සිටියේ මෙය මානුෂීය මෙහෙයුම් අවසානයේ අවතැන් ව සිටි පිරිස් නැවත පදිංචි කරවන තුරු තාවකාලික ව පදිංචි කර තිබු මැණික් ෆාම් කඳවුරේ කලාප අංක 3 හෙවත් Zone Three ලෙස හැඳින්වූ කලාපය මෙය බවත්, මෙම බිම් කොටස ඒ වනවිටත් ගොවිපළක්ව පැවති බවත් 2011 වසරේ අවතැන්ව සිටි පිරිස් නැවත පදිංචි කරවීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව රජය වෙතින් බදු පදනම මත මෙම අක්කර 12ක භූමිභාගය පවරාගත් බවත්ය. 
     
    එදා සිට අද දක්වාම එම ස්ථානයේ ගොවිපළක් පවත්වාගෙන යන බවත් ඒ වෙනුවෙන් මේ වසර දක්වා ම රජයට බදු ගෙවා ඇති බවත් පැවසිය. 
     
    කිසියම් පිරිසක් එම ඉඩමට හිමිකම් ඇති බවත් එම ස්ථානයේ ක්‍රීඩා පිටියක් සෑදීමට වුවමනා බවත් පවසමින් කටයුතු කළත් ප්‍රදේශයේ දිසාපතිවරයා එම ගැටලු ව නිසි අයුරින් සමතයකට පත්කොට ඇති බවත් පැවසීය. 
     
    මෙතෙක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් නිසි පරිදි රජයට බදු ගෙවමින් ගොවිපළක් පවත්වාගෙන යන මෙම භූමියට වෙනත් පාර්ශවයක් හිමිකම් කීම පුදුමයක් බවත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya