සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමේ උපදේශනයට ජපන් විශේෂඥයෙකු Featured

    දෙසැම්බර් 11, 2014
    අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට උපදෙස් දීම සඳහා වන ජාත්‍යන්තර විශේෂඥ මඬුල්ලට පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජපන් ජාතික විශේෂඥ මොතෝ නගුචි මහතා පත් කරනු ලැබ ඇත.
     
    මේ වන විට උපදේශක මඬුල්ල, ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ශ්‍රීමත් ජෙෆ්රි නීස්, මහාචාර්ය ඩේවිඩ් ක්රේන්, අවිදාෂ් කෞෂාල් සහ අහ්මර් බිලාල් සූෆි යන සාමාජිකයන් ද එකතු ව හය දෙනෙකුගෙන් සමන්විත වේ.
     
    අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විභාග කිරීමේ කොමිසම විසින් මහජන හමු අටක් පවත්වා ඇති අතර, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ඥාතීන්ගෙන් ලද පැමිණිලි 5,000ක් ද ඇතුළු ව, මේ වන විට පැමිණිලි 19,761ක් ලැබී ඇත. කොමිසම විසින් 1,271ක් විභාග කර ඇත.
     
    2014 ජූලි මස උපදේශක මඬුල්ල පත් කරන ලද්දේ නීතිමය කටයුතු ඇතුළු වැඩකටයුතු පිළිබඳ කොමිසමට උපදෙස් ලබා දීම සඳහාය.
     
    කොමිසමේ සභාපති මැක්ස්වල් පරණගම මහතා සහ උපදේශක මඬුල්ලේ මේ වන විටත් අදාළ කාරණා සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya