සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා

    දෙසැම්බර් 11, 2014
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය පත්කර ඇත.


    ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය තවදුරටත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද කටයුතු කරනු ඇත. ඇය ඊයේ (10) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට පැමිණ නිල වශයෙන් වැඩ භාරගනු ලැබුවාය.

    ඇය මීට පෙර 2010 සිට 2013 දක්වා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරීය. ඉන් අනතුරුව 2013 ජනවාරි 31 සිට ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කෙරුණු අතර 2014 ජූනි 02 දා සිට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටී.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී ආර්ථික විද්‍යා ගෞරව උපාධිය ලබා සිටින ඇය ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයෙන් කෘෂි ආර්ථික සංවර්ධනය පිළිබඳ සමාජීය විද්‍යාපති උපාධිය ද ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත‍්‍රපති උපාධිය හා ආචාර්ය උපාධිය ද ලැබීය.

    ශ‍්‍රී ලංකා සැලසුම් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක ලෙස කීර්තිමත් ඉතිහාසයක් ඇති ආචාර්ය දමිතා ද සොයිසා මහත්මිය මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා අතිරේක අධ්‍යක්‍ෂවරියක ලෙස දිගු කලක් සේවය කර වර්ෂ 2005 දී ප‍්‍රතිපත්ති සම්පාදන අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස උසස්වීම් ලැබීය.

    ගෙවී ගිය කාලය තුළ ඇය මුදල් අමාත්‍යාංශය තුළ විවිධ අංශවල ප‍්‍රධානත්වය දරා රාජ්‍ය ආයතන ගණනාවකම විවිධ තනතුරු හොබවමින් කාර්යක්‍ෂම ලෙස කරන ලද මෙහෙවර අප‍්‍රමාණය. ජාත්‍යන්තර සංවිධාන ගණනාවකම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය විවිධ තනතුරු දරා ඇත. 

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya