සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනි පුපුරක් හෝ නැති තැන්වල බෝම්බ පුපුරනවා

    දෙසැම්බර් 11, 2014
    ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැතැයි ජනප්‍රවාදයේ ප්‍රසිද්ධ කියමනක් තිබුණ ද වර්තමානයේ නම් ගින්නක් තියා ගිනි පුපුරක් හෝ නොමැති ව බෝම්බ පුපුරන්නේ යැයි විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    "ඊයේ උදය වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ වැඩසටහනක, සවස් වරුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සමඟ වැඩසටහනක. විවිධ පුද්ගලයන් මෙන් පාක්ෂිකයන් උදය වරුවේ සිට දුරකතන ඇමතුම් ලබාදෙමින් නුවර විපක්ෂයේ රැස්වීමට පැමිණෙන්නේ කීයට දැයි විමසනවා". 
     
    විපක්ෂයේ වෙබ් අඩවියක විපක්ෂයේ මහනුවර පැවැති රැස්වීම සඳහා තමන් ඇතුළු ආණ්ඩුවේ පිරිසක් පැමිණෙන බවට සඳහන් කොට තිබූ බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බැවින් එය ඔප්පු කර පෙන්වන්න යැයි ද ඒ මහතා ඉල්ලා සිටියේය.
     
    පක්ෂයේ ඉන්න පුද්ගලයන් විසින් ම මේ වන විට පක්ෂය රැවටීමකට ලක් කරමින් පවතින බවත් ශ්‍රී ලංකාව තොරතුරු තාක්ෂණය අතින් තවමත් ඉදිරියට යන රටක් බවත් පැවසීය.
     
    පදනම් විරහිත ව ජනතාවට බොරු කරනවා පමණක් නො ව බොරු ප්‍රචාරයන් සිදු කරන බවත් පෙන්වා දුන් සියඹලාපිටිය අමාත්‍යවරයා බොරුව තුළින් ජයග්‍රහණය කළ හොත් ඉන්න වන්නේ ද බොරුව තුළම බවත් වැඩිදුරටත් කීය.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya