සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයේ රැස්වීම් සඳහා ජනතාව ගෙන්වීමට විවිධ ක්‍රම යොදාගන්නවා

    දෙසැම්බර් 10, 2014
    පොදු විපක්ෂයේ රැස්වීම් සඳහා ජනතාව ගෙන්වා ගැනීමට විවිධ ක්‍රමයන් යොදා ගන්නා බවත් ඒ අනුව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු වේදිකාවට ගොඩවන බවට බොරු ප්‍රචාරයන් යවමින් ජනතාව ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මේ වන විට විපක්ෂයේ ප්‍රධානීන් පැත්තකට විසි වී ඇති බවත් චන්ද්‍රිකා, මංගල ඇතුළු පිරිස විපක්ෂය මෙහෙයවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට එක්සත් ජාතික පක්ෂය අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇතැයි ද පැවසීය.
     
    පොදු විපක්ෂය විවිධ පුද්ගලයන් සමඟ විවිධාකාරයේ ගිවිසුම්වලට එළැඹිලා සිටිනවා. ඒක නිසයි ඔවුන් විවිධ අවස්ථාවල පරස්පර විරෝධී ප්‍රකාශයන් සිදු කරන්නේ. 
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව වෙත ආ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා සම කළ හැකි දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී නැඟු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැදගත්කමක් නොමැති පුද්ගලයෙකුට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරක් ලබා නොදෙන බවත් ඒ සියලු ප්‍රකාශයන් ඔවුන්ගේ දුක තුනී කරගැනීම සඳහා කරන ප්‍රකාශයන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    මේ වන විට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇඳුම පවා වෙනස් වී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී මහතාගේ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙය ඉතිහාසයේ කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකු විසින් සිදු කරන ලද්දක් නොවන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya