සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ව්‍යවස්ථාවේ විශාල වෙනසක් සිදු කළ යුතුයි Featured

    දෙසැම්බර් 10, 2014
    විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම් ව්‍යවස්ථාවේ විශාල වෙනස්කම් රාශියක් සිදු කළ යුතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    මෙය බෙදුම්වාදීන්ගේ, විදේශ බලවේගවල මෙන් ම එල්ටීටීඊ ඩයස්පෝරාවේ අවශ්‍යතාවන් සපුරාලීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා රට අස්ථාවරත්වයට ගෙන ගිය හොත් රටේ ස්ථාවරත්වයට මෙන් ම සංවර්ධනයට ද සිදුවන්නේ කුමක් ද යන්න දෙවරක් සිතා බැලිය යුතු බවත් පෙන්වා දුන්නේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ දී 23.8%ක් ව පැවැති දුප්පත්කම 8% දක්වා අඩු කොට තිබෙනවා. පසුගිය භීෂණ සමයේ දී තිබූ තත්ත්වය පොදු විපක්ෂයට මතක් කර දෙන්න කැමතියි. එදා පැවැති තත්ත්වය මෙන් ම වසර ගණනාවක් පුරා පැවැති හදිසි නීත තත්ත්වය අවසන් කිරීමට කටයුතු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. 
     
    2015 ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශය වන තුන්කල් දැක්මෙහි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව මෙන් ම ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ගේ ප්‍රතිසංශෝධන පිළිබඳ ව කතා කරන බවත් පැවසීය.
     
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ආරම්භ කරන අවස්ථාවේ දී සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සන්ධාන ගත වුණා. නමුත් වර්තමාන පොදු විපක්ෂයේ ගිවිසුම් අත්සන් කරපු අයවත් දැකලා නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් එළිදැක්වූයේ සියලු පක්ෂ මෙන් ම සාමාජිකයන් එකතු වෙලා. 2005 වසරේ දී ඉදිරිපත් කළ මහින්ද චින්තනයේ කරුණු 2009 / 2010 වසර අවසන් වන විට ඉටු කොට තිබෙනවා. 2010 වසරේ ඉදිරිපත් කළ ඉදිරි දැක්මේ සඳහන් කරුණු මේ වන විට ඉටු වෙමින් පවතිනවා.
     
    පොදු විපක්ෂයේ සන්ධානයේ මෙන් ගිවිසුම් ගතවීම්, එකඟතාවන් නොමැති බව පෙන්වා දෙන ඒ මහතා ඔවුන්ගේ ප්‍රකාශයන් හරහා එය මනාව පැහැදිලි වන බවත් කීය.
     
    පොදු විපක්ෂය ගිවිසුම් ගත වූවත් එම ගිවිසුම් හි අඩංගු දේ පිළිබඳ ව කිසිවෙකු හෝ නොදන්නා බවත් එය ජනතාවට ද වසන් කොට ඇති බවත් පෙන්වා දෙන ප්‍රේමජයන්ත මහතා එල්ටීටීඊ හිතවාදීන් රට අවිනිශ්චිත භාවයට ගෙනියන කරුණු එකින් එක ගොනුවෙලා තිබෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya