සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමය, සෞභාග්‍ය ළඟා කර දුන් ජනපති යන ගමනට ශක්තියක් ලබා දෙනවා - සංගීතවේදී රෝහණ වීරසිංහ Featured

    දෙසැම්බර් 10, 2014

    පසුගිය වසර 10 ඇතුළත කලා ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන් ම මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ම සාමය, සෞභාග්‍ය ළඟා කර දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යන මේ ගමනේදී ඉදිරි වසර සඳහාත් එතුමාට ශක්තියක් ලබා දෙන්න කටයුතු කරන බව සංගීතවේදී රෝහණ වීරසිංහ මහතා පවසයි. 


    ඒ මහතා මේ බව පැවසුවේ අද (10) පස්වරුවේ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ජාතික සංවිධානය මඟින් කොළඹ පදනම් ආයතනයේ පවත්වන ලද මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

    නගර හා ගම් දනව් සිසාරා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ සම්බන්ධයෙන් ආරම්භ කරන බවත් විද්‍යුත් හා මුද්‍රිත කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපතිතුමා ලබා දුන් සේවාවන් හා දැනට කෙරීගෙන යන වැඩපිළිවෙළවල් හා අනාගත සැලසුම් විශාල සංඛ්‍යාවක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    2005දී එතුමා රට භාරගන්නා විට රට හා කලා ක්ෂේත්‍ර යේ තිබූ තත්ත්වය ඔබ දුටුවා. වෘත්තීය කලාකරුවන් අසීරුතාවට පත් ව කලාව කඩාවැටී තිබූ අතර මේ වසර 10 ඇතුළත එම තත්ත්වය වෙනස් කර කලා ක්ෂේත්‍රය පුළුල් දියුණුවකට පත් කළා. සියලු ම කලා ක්ෂේත්‍රයන් හි ඇති වී තිබෙන ප්‍රබෝධය මෙන් ම නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා හොඳ පසුබිමක් ඇති වී තිබෙනවා. ඇතැමුන් අහනවා මොනවද කලාවට කර ඇත්තේ කියා. 2005/2006 වසරවලදී සිනමා ක්ෂේත්‍රයේ සියලු දෙනාට බදු සහන දී කර්මාන්තය නගාසිටුවන්න කටයුතු කළා. ප්‍රදර්ශන මණ්ඩල පුළුල් කරමින් පහත් පෙළේ විදෙස් ටෙලිනාට්‍ය සඳහා බදු අයකර රන්මිහිතැන්න නිර්මාණය කරන්න කටයුතු කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.


    රාජ්‍ය සංගීත උළෙලක් ඇරඹීම. සංගීතය සඳහා එවැනි උළෙලක් නොපැවති අතර දැන් වාර්ෂිකව මෙය පවත්වයි. සෞන්දර්ය විෂය පාසල් විෂය ධාරාවේ අනිවාර්ය කළා. උතුරුකරයේ සිටින දමිළ කලාකරුවන් සඳහා නාට්‍ය උළෙලක් වාර්ෂික ව පවත්වනු ඇත. 2012දී රුපියල් මිලියන 50ක් කලාකරුවන්ගේ "පිළිසරණ" ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති බව පැවසූ ඒ මහතා එදිරිවීර සරච්චන්ද්‍ර නමින් බත්තරමුල්ලේ නාට්‍ය පුහුණු පාසලක්, මහනුවර රංගශාලාවක් ඉදිකළ බව ද පැවසීය.

    ජෝන් ද සිල්වා රඟහල නවීකරණය කළා. වසර ගණනාවක් රැකියා නොමැතිව සිටි සෞන්දර්ය උපාධිධාරීන්ට රැකියා ලබා දුන්නා. මේවා පෞද්ගලික ප්‍රතිලාභ නො වේ. සියලු කලාකරුවන්ට ලබා දුන් ඒවා බවත් ලබන මාර්තු වන විට සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් රෝහණ වීරසිංහ මහතා පැවසීය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya