සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීකුණාමලය සිට ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට වැසි

    දෙසැම්බර් 10, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (10) ත්‍රීකුණාමලය සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    මුහුදේ කාලගුණ තත්ත්වය වෙනුවෙන් අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නැගෙනහිර දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.


    පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya